• Chathura Ramanayake

ලෙජන්ඩ්ස් ලීගයේ තරග පැවැත්වෙන දින හා ක්‍රීඩාංගණ නිවේදනය කෙරේ !!!



ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය පැවැත්වෙන දින හා අදාල නගරයන් අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙවර තරගාවලිය නගර හයකදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේ තරග කොල්කටා, නව දිල්ලි, ලක්නව්, ජෝද්පූර් හා කටක් යන නගර වලදී පැවැත්වෙන අතර අවසන් පූර්ව වටය හා අවසන් මහා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් නම් කොට නොමැත.


කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 16 වැනිදා සිට 18වනදා තෙක් වූ තරග පැවැත්වෙයි. ඊට ඉන්දියන් මහරාජස් කණ්ඩායම හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයද ඇතුළත්ය. ඉන්දියාවේ 75වන නිදහස් දිනයට සමගාමීව මෙම තරගය පැවැත්වෙයි. ජෝද්පූර් හා ලක්නව් වලදී තරග 2ක්ද අනෙක් සෑම නගරයකදීම තරග 3ක් බැගින් ද පැවැත්වීමට නියමිතය.


තරගාවලියේ තරග කාලසටහන පහත දැක්වේ.


  • සැප්තැම්බර් 16 සිට 18 තෙක් කොල්කටාහිදී

  • සැප්තැම්බර් 21 සිට 22 තෙක් ලක්නව්හිදී

  • සැප්තැම්බර් 24 සිට 26 තෙක් නව දිල්ලිහිදී

  • සැප්තැම්බර් 27 සිට 30 තෙක් කටක්හිදී

  • ඔක්තෝබර් මස 1 සිට 3 තෙක් ජෝද්පූර්හිදී

  • අවසන් පූර්ව වටය ඔක්තෝබර්  5 සිට 7තෙක්

  • අවසන් මහා තරගය ඔක්තෝබර් 8


297 views0 comments