• Chathura Ramanayake

ලෙජන්ඩ්ස් ලීගයේ ආරම්භය සුවිශේෂී තරගයකින් !!!



ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන සැප්තැම්බර් මස 15වනදා සිට ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 15වනදා කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


මෙවර තරගාවලිය සුවිශේෂී තරගයකින් ආරම්භ කිරීමට තරගාවලි සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය ඉන්දියා මහරාජස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයකින් ආරම්භ වනු ඇත. ඉන්දියාවේ 75වන නිදහස් දිනය සැමරීම අරමුණු කොට ගනිමින් මෙම තරගය පැවැත්වීමට නියමිතය.


මෙම තරගය සඳහා විදේශ රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය. ලෙජන්ඩ්ස් ලීගය 2022 සැප්තැම්බර් 16 දින සිට ආරම්භ වන අතර, එය කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මෙවර තරගාවලියට තරග 15ක් ඇතුළත් ය.


India Maharajas:

Sourav Ganguly (c), Virender Sehwag, Mohammad Kaif, Yusuf Pathan, S Badrinath, Irfan Pathan, Parthiv Patel, Stuart Binny, S Sreesanth, Harbhajan Singh, Naman Ojha, Ashoke Dinda, Pragyan Ojha, Ajay Jadeja, RP Singh, Joginder Sharma


World Giants:


Eoin Morgan (c), Lendl Simmons, Herschelle Gibbs, Jacques Kallis, Sanath Jayasuriya, Matt Prior, Nathan McCullum, Jonty Rhodes, Muttiah Muralitharan, Dale Steyn, Hamilton Masakadza, Mashrafe Mortaza, Asghar Afghan, Mitchell Johnson, Brett Lee, Kevin O'Brien, Denesh Ramdin

490 views0 comments