• Chathura Ramanayake

ලෙජන්ඩ්ස් ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් රැසක් !!!



Legends ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ සැප්තැම්බර් මස 20වනදා සිට ඔක්තෝබර් මස 10වනදා තෙක් පැවැත්වීමට නියමිතය. තරගාවලිය ඕමානයේ පිහිටි Muscat ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ පළමු අදියර වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම , ආසියානු කණ්ඩායම හා ලෝක කණ්ඩායම ලෙසින් කණ්ඩායම් තුනක් එක් විය.


මෙවර ලෙජන්ඩ්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් එක්වන බවට වාර්තා වෙයි. ඒ අනුව හිටපු ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන් , තිසර පෙරේරා , උපුල් චන්දන , අජන්ත මෙන්ඩිස් , රොමේෂ් කලුවිතාරණ, දිල්හාර ප්‍රනාන්දු හා ෆර්වීස් මහරුෆ් මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ.


Legends ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවන අදියර වෙනුවෙන් හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන විරේන්ද්‍ර ශෙවාග්, යූසුෆ් පතාන් හා ඉර්ෆාන් පතාන් ක්‍රීඩා කරන බව තහවුරු කොට ඇත. එමෙන්ම හිටපු ඉන්දීය ක්‍රීඩකයන් වන පාතිව් පටෙල්, ප්‍රග්‍යාන් ඕජා, හර්බජාන් සිං මෙවර තරගාවලියට ක්‍රීඩා කරනු ඇත. හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වූ මිචෙල් ජොන්සන් ,බ්‍රෙට් ලී මෙන්ම හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන ඩේල් ස්ටේන්,ජැක් කලිස් මෙවර තරගාවලියට එක්වීමට සූදානමින් පසුවෙයි.


හිටපු එංගලන්ත නායක ඉයන් මෝගන්ද මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිත බැවින් හිටපු ක්‍රීඩකයන් 110 දෙනෙකු පමණ තරගාවලිය වෙනුවෙන් සම්බන්ධ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

0 views0 comments