• Chathura Ramanayake

ලීග් පිටියට කුලුදුල් ILT20 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 9ක් !!!



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් හදුන්වා දෙන නවතම ලීග් තරගාවලිය වන ILT20 ලීග් තරගාවලිය එළඹෙන වසරේ ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන අතර මේ වන විට සෑම කණ්ඩායමක්ම සොය විදෙස් ක්‍රීඩකයන් ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත.


ඒ අනුව මෙවර තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 82 දෙනෙකු මේ වන විට ගිවිසුම් ගත වී ඇත. ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඇතුළත් ඩෙසර්ට් වයිපරස් කණ්ඩායම මේවන විට විදෙස් ක්‍රීඩකයන් 12 දෙනෙකු සමගින් ගිවිසුම්ගතව ඇත. අනෙක් සෑම කණ්ඩායමක්ම විදෙස් ක්‍රීඩකයන් 14 දෙනා සිය කණ්ඩායම් වලට එක් කොටගෙන ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් ලීග් තරගාවලිය වෙනුවෙන් පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් හැරුනු කොට ඉතාලිය, නැමීබියාව, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය ස්කොට්ලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ක්‍රීඩකයන් ගිවිසුම්ගතව ඇත. මෙම තරගාවලිය තරග 34කින් සමන්විත වන අතර ඩුබායි, අබුඩාබි හා සාජාහිදී තරග පැවැත්වෙයි.


තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත විදෙස් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත් වීම සුවිශේෂීය. ඒ අතුරින් වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනක් ඇතුළත්ව ඇත්තේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමටයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් හිමිකරුවන් සතු මෙම කණ්ඩායමට දසුන්, භානුක, චමීර, ඉසුරු හා දික්වැල්ල ඇතුළත්ය.


චරිත්, ලහිරු හා සීක්කුගේ යන ක්‍රීඩකයන් තිදෙනා මෙම තරගාවලියේදී කොල්කටා නයිට්‍රයිඩර්ස් හිමිකරුවන් සතු අබුඩාබි නයිට්‍රයිඩර්ස් වෙනුවෙන් තරග වදිනු ඇත. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන් සතු ඩෙසර්ට් වයිපරස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතය.


ILT20 තරගාවලියට ගිවිසුම්ගත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

වනිදු හසරංග

දසුන් ශානක

භානුක රාජපක්ෂ

ඉසුරු උදාන

දුෂ්මන්ත චමීර

නිරෝෂන් දික්වැල්ල

චරිත් අසලංක

ලහිරු කුමාර

සීක්කුගේ ප්‍රසන්න


කණ්ඩායම් වල අවසන් සංචිත



37 views0 comments