• Chathura Ramanayake

ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලාංකිකයන් තිදෙනක් !!!



හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණ ඇත. 18වබ වරටත් පැවැත්වෙන මෙවර ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු තරග බිමට පිවිසීමට නියමිතය.


ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 ඉසව්ව වෙනුවෙන් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන් තරග වැදීමට නියමිතය. ඔහුට අමතරව මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව වෙනුවෙන් නිලානි රත්නායක හා මීටර් 800 තරග ඉසව්ව වෙනුවෙන් ගයන්තිකා අබේරත්න තරග බිමට පිවිසීමට නියමිතය.


යුපුන් අබේකෝන් සහභාගී වන මීටර් 100 මූලික වටයේ තරග ඉසව්ව එළඹෙන ජූලි මස 16වනදා උදෑසන 7.20ට(මෙරට වේලාවෙන්) පැවැත්වීමට නියමිතය. ධාවන ශූරී නිලානි රත්නායක ජූලි මස 17වනදාද ගයන්තිකා අබේරත්න ජූලි මස 22වනදාද තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන


මීටර් 100 ඉසව්ව

මූලික වටය - 16 උදෑසන 7.20

අවසන් පූර්ව වටය - 17 උදෑසන 6.30

අවසන් මහා තරගය - 18 උදෑසන 8.20


3000 බාධක දිවීම

ජූලි මස 17වනදා හා ජූලි මස 22වනදා


මීටර් 800 ඉසව්ව

මූලික වටය - 22 උදෑසන 5.40

අවසන් පූර්ව වටය - 22 උදෑසන 7.05

අවසන් මහා තරගය - 25 උදෑසන 7.05

18 views0 comments