• Chathura Ramanayake

ලංකා ප්‍රිමියර් ලීග් තෙවන අදියර දෙසැම්බර් 6වනදා ඇරඹෙයි !!!



ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර පැවැත්වෙන දින වකවානුව අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය දෙසැම්බර් මස 6 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් මස 23වනදා පැවැත්වීමට නියමිතය.


රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් අගෝස්තු මස 1වනදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය කල් දැමීමට සිදුවිය. තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තරගාවලිය සංවිධායකයන් වන IPG ආයතනය විසින් තරගාවලිය දෙසැම්බර් මස තෙක් කල් දැමීමට තීරණය කළහ.

29 views0 comments