• Chathura Ramanayake

ලෝක ටෙස්ට් ශූරතාවයේ වැඩිම කඩුලු ලාභීන් අතරට රමේෂ් මෙන්ඩිසුත් !!!


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 2021-23 තරග අදියරේ තරග රැසක් මේ වන විටත් පවත්වා අවසන්ය. මේ වන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි දකුණු අප්‍රිකාව රැදී සිටින අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව හිමිකොටගෙන ඇත. තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් පිළිබඳව මෙම ලිපියෙහි අඩංගු කොට ඇත. වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් දසදෙනා අතරට දගපන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් ඇතුළත්ව තිබීම මෙහිදී සුවිශේෂීය.


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් දසදෙනා අතරට ඇතුළත්ව ඇත්තේ රමේෂ් මෙන්ඩිස් පමණි. මෙම ලයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රාය. ජස්ප්‍රිට් බුම්‍රා තරග 10කට ක්‍රීඩා කොට ඇති අතර ඔහු දවාගෙන ඇති කඩුලු ගණන 45කි. ඔහුගේ හොදම පන්දු යැවීම ලෙසින් සටහන් වනුයේ ලකුණු 24කට කඩුලු 5ක් දවාගැනීමයි.


වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත්ව ඇත්තේ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩිය. අෆ්‍රිඩි තරග 8කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 41ක් දවාගෙන අතර ඔහුගේ ඉනීමක හොදම පන්දු යැවීම ලෙසින් ලකුණු 51කට කඩුලු 6ක් දවාගැනීම සටහන් වෙයි. තෙවැන්නා ලෙසින් කඩුලු 40ක් දවාගත් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් රැදීසිටින අතර නේතන් ලයින් කඩුලු 39ක් සමගින් සිව්වැන්නා බවට පත්ව ඇත.


වැඩිම කඩුලු ලාභීන් අතර පස්වැනි ස්ථානය ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට හිමිවී ඇත. රමේෂ් මෙන්ඩිස් තරග 8කට පමණක් ක්‍රීඩා කොට ඇති අතර එහිදී ඔහු කඩුලු 38ක් බිදහෙලන්නට සමත් වී ඇත. රමේෂ් අවස්ථාවන් තුනකදී කඩුලු 5 බැගින් බිදහෙලා ඇත. ශ්‍රී ලංකා වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය තරග 3කට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 29ක් දවාගැනීමට සමත් වද්දී ඔහු වැඩිම කඩුලු ලාභීන් අතරේ 15 වැන්නා ලෙසින් රැදී සිටියි.



ක්‍රීඩකයා


තරග


කඩුලු


​හොදම පන්දු යැවීම

සාමාන්‍

ජස්ප්‍රිට් බුම්‍රා


10

45

5/24

19.73

ශහීන් අෆ්‍රිඩි


8

41

6/51

18.19

ජේම්ස් ඇන්ඩර්සන්


10

40

5/60

21.70

නේතන් ලයන්


10

39

5/83

31.56

​රමේෂ් මෙන්ඩිස්


8

38

6/70

26.86

පැට් කමින්ස්


9

35

5/38

21.97

ටිම් සවුති


9

33

5/35

36.33

ඔලී රොබින්සන්


8

32

5/65

22.78

මොහොමඩ් ශාමි


9

32

5/44

26.81

මිචෙල් ස්ටාක්

10

32

4/33

28.06


3,489 views0 comments