• Chathura Ramanayake

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉදිරි අදියර පිළිබඳ තොරතුරු...


ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ මීළඟ අදියර ද්විත්වය එළඹෙන වසරේ මැයි මාසයේ සිට 2027 වසරේ අප්‍රේල් මාසය තෙක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම අදියර දෙක තුළදීද එක් කණ්ඩායමකට ටෙස්ට් තරගාවලි 6ක් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. ඉන් තරගාවලි තුනක් වෙනුවෙන් සත්කාරකත්වය දැරීමට සිදුවන අතර ඉතිරි තරගාවලි තුන සිය රටෙන් පිටතදී ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.


2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරග වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය සමගින් මෙරටදීද එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශයට එරෙහිව එම රටවලදීද තරග වදිනු ඇත. අනතුරුව 2025-27 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව සමගින් මෙරටදීද නවසීලන්තය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් එම රටවලදීද ක්‍රීඩා කිරීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ටෙස්ට් තරගාවලියක් මෙම තරග අදියර දෙකටම ඇතුළත් වී නොතිබීමද සුවිශේෂීය. මෙම අදියර දෙක තුළදී එංගලන්තය තරග 42ක්, ඕස්ට්‍රේලියාව තරග 41ක්, ඉන්දියාව තරග 38ක් ක්‍රීඩා කිරීමට නියමිතය. සෙසු රටවල් අතුරින් බංග්ලාදේශය තරග 34ක් හා නවසීලන්තය තරග 32ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර අනිකුත් රටවල් තරග 30ට අඩු ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ඇත.


2023-25 ලෝක ටෙස්ට් ශූරතා තරග වාරය

TEAM

HOME

AWAY

AUS

IND/WI/PAK

NZ/ENG/SL

BAN

NZ/SA/SL

IND/WI/PAK

​ENG

AUS/WI/SL

NZ/IND/PAK

IND

NZ/ENG/BAN

AUS/WI/SA

NZ

AUS/ENG/SA

IND/BAN/SL

PAK

ENG/WI/BAN

AUS/SA/SL

SA

IND/PAK/SL

NZ/WI/BAN

SL

NZ/AUS/PAK

ENG/SA/BAN

WI

IND/SA/BAN

AUS/ENG/PAK

2025-27 ලෝක ටෙස්ට් ශූරතා තරග වාරය


TEAM

HOME

AWAY

​AUS

NZ/ENG/BAN

IND/WI/SA

BAN

ENG/WI/PAK

AUS/SA/SL

​ENG

NZ/IND/PAK

AUS/SA/BAN

IND

AUS/WI/SA

NZ/ENG/SL

NZ

IND/WI/SL

AUS/ENG/PAK

PAK

NZ/SA/SL

ENG/WI/BAN

SA

AUS/ENG/BAN

IND/PAK/SL

SL

IND/SA/BAN

NZ/WI/PAK

WI

AUS/PAK/SL

NZ/IND/BAN


0 views0 comments