• Chathura Ramanayake

ලෝක කුසලානයෙන් පසු පූර්ණ සාමාජික රටවල විස්සයි විස්ස ගමන කෙබදුද ?



පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පසුගිය වසරේ නොවැම්බර් මස 14වනදා නිමාවට පත් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පළන්දවමිනි. එතැන් පටන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායම් තරග වැදුනු ආකාරය පිළිබඳව විමසා බලමු..


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව වැඩිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ගණනක් ක්‍රීඩා කොට ඇති රට බවට පත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයෙන් අනතුරුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 20කට ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 16ක් ජයග්‍රහණය කිරීමට සමත් වි ඇත. ඔවුන් තරග 3ක් පමණක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් විසදුමකින් තොරව අවසන් විය.


ඉන්දීය කණ්ඩායමට පසුව වැඩිම තරග ගණනක් ජයග්‍රහණය කොට ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 14ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 8ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 9ක් ක්‍රීඩා කොට ඇති අතර ඔවුන් ඉන් තරග 7ක් ජයගන්නට සමත් වී ඇත.


තවද අයර්ලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරග 6 බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් ලෝක කුසලාන තරගාවලියයෙන් අනතුරුව තරග 5 බැගින් ජයගෙන ඇති අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම තමා ක්‍රීඩා කළ තරග අතුරින් තරග 4ක් ජයගෙන ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කළ තරග 7න් 3ක් ජයගෙන ඇති අතර එක් තරගයක් විසදුමකින් තොරව අවසන් වී ඇත.


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 11කට ක්‍රීඩා කොට ඇති නමුදු ඉන් ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි. එක් තරගයක් ලකුණු සමවීමෙන් පරාජයට පත් වද්දී අනික් තරග 9ම පරාජයට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදුව ඇත. මෙම තරග 11අතරට ඕස්ට්‍රේලියාවට එරෙහිව එරටදී තරග වැදුනු තරග 5ද මෙරටදී අවසන් වූ තරග 3 හා ඉන්දියාවට එරෙහිව පැවති තරග 3 ඇතුළත්ය. මේ අතුරින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී හා මෙරටදී එක් තරගය බැගින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අඩුම ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි පූර්ණ සාමාජික රට වනුයේ බංග්ලාදේශයයි. ඔවුන් තරග 9ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් ජයගත හැකිවූයේ එක් තරගයක් පමණි. බංග්ලාදේශය තරග 7ක් පරාජයට පත්ව ඇති අතර විසදුමකින් තොරව එක් තරගයක් අවසන් වී ඇත.


විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායම් ලද ජයග්‍රහණයන්

​කණ්ඩායම

තරග

ජයග්‍රහණ

පරාජයන්

ඉන්දියාව

20

16

3


සිම්බාබ්වේ

14

8

6

ඕස්ට්‍රේලියාව


9

7

2

පාකිස්තානය

7

6

1

අයර්ලන්තය

15

6

9


නවසීලන්තය

8

5

3

බටහිර ඉන්දීය කොදෙව්

15

5

9


ඇෆ්ගනිස්තානය

5

4

1


දකුණු අප්‍රිකාව

7

3

3

ශ්‍රී ලංකාව

​11

2

9


බංග්ලාදේශය

9

1

7



94 views0 comments