• Shaminda Jayarathne

රියාල් මැඩ්රීඩ් හැමදාම මතකයේ තියේවි - කැසමිරෝ

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ ආරක්ෂිත මැදපෙළ ක්‍රීඩකයෙක් (Defensive Midfielder) ලෙසට වසර 7 ක කාලයක් රැඳී සිටි බ්‍රසීල ක්‍රීඩක කැසමිරෝ එම කණ්ඩායමෙන් ඉවත් වී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමගින් එක් වූ බවට නිළ වශයෙන් තහවුරු වුණා. ඔහුගේ මේ ආගමනය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට නම් අස්වැසිල්ලක් බව ප්‍රකාශ කළ යුතුයි.


කෙසේ වෙතත් තමන්ගේ නික්ම යාම සම්බන්ධයෙන් Twitter ගිණුමේ සටහනක් තැබූ කැසමිරෝ ප්‍රකාශ කොට තිබුණේ රියාල් මැඩ්රීඩ් සමගින් වසර ගණනාවක් පුරාවට බෙදාගත් මතකයන් අමරණීය බවත් සැමදාම තමන්ගේ නිවස වන්නේ ඔවුන් බවත් ය. ඔහුගේ නික්ම යාම සම්බන්ධයෙන් මැඩ්රීඩ් ප්‍රේක්ෂකයන් ද කණස්සල්ලෙන් පසු වන්නේ ආරක්ෂක මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙසින් පසුගිය වසර වලදී කැසමිරෝ කණ්ඩායමට සිදු කළ සේවය නිසාවෙනුයි.


2012 වර්ෂයේදී මැඩ්රීඩ් පළමු පෙළ කණ්ඩායම සමග එක්වූ කැසමිරෝ තරඟ 336 කදී ගෝල 31ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔහු ඉන් පසුව බ්‍රසීලයේ සාඕ පාලෝ සහ පෘතුගාලයේ පෝර්ටෝ ක්‍රීඩා සමාජ සමගින්ද ක්‍රීඩා කළා. අවසන් වතාවට නැවතත් 2015 දී මැඩ්රීඩ් සමග එක්වන කැසමිරෝ ඉන් පසුව වසර 7 ක පමණ කාලයක් ඔවුන් සමගින් එක දිගටම ක්‍රීඩා කළා.

66 views0 comments