• Shaminda Jayarathne

රොබට් ලෙවන්ඩොස්කි බාසිලෝනාවට!


ජර්මනියේ බයන් මියුනිච් කණ්ඩායම නියෝජනය කරමින් වසර ගණනාවක් පුරාවට ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයෙක් ලෙසට කටයුතු කළ පෝලන්තයේ රොබට් ලෙවන්ඩොස්කි මීළඟ තරඟවාරයේ සිට ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වීමට සූදානමින් පසු වන බවට බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා.


බාසිලෝනා නිල ෆේස්බුක් පිටුව මගින්ද නවක ක්‍රීඩකයෙක් එක් කර ගන්නා බවට ප්‍රකාශ කරමින් ලෙවන්ඩොස්කි යැයි විශ්වාස කළ හැකි වීඩියෝ පටයක් පවා නිකුත් කිරීමට කටයුතු කොට තිබුණා. 2014 වසරේ සිට බයන් මියුනිච් සමග ක්‍රීඩා කළ ඔහු තම කණ්ඩායම වෙනුවෙන් තරඟ 375 ක් ක්‍රීඩා කොට ගෝල 344ක් වාර්තා කොට සිටිනවා.


බයන් මියුනිච් සමගින් යුරෝපීය පාපන්දු ශූරයන් (UEFA Champions League) වීමටද 2019 වර්ෂයේදී ඔහුට හැකියාව ලැබුණා. පසුගිය වසරේ FIFA වසරේ ක්‍රීඩකයා සම්මානයද හිමි වූයේ ලෙවන්ඩොස්කි ටයි. මෙම ගිවිසුම ලබා ගැනීමට හැකි වුවහොත් ගිම්හාන ක්‍රීඩක හුවමාරු සමයේදී බාසිලෝනා කණ්ඩායම විසින් සිදු කරන හොඳම ක්‍රීඩක හුවමාරුව මෙය වනු ඇතැයි විදෙස් මාධ්‍ය දැනටමත් මත පළ කරමින් සිටිනවා.

31 views0 comments