• Shaminda Jayarathne

රොබට් ලෙවන්ඩොස්කි බාසිලෝනා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි!

බාසිලෝනා ක්‍රීඩා සමාජයේ මෙවර ගිම්හාන ක්‍රීඩක හුවමාරුවේ ප්‍රධානතම ක්‍රීඩක ලබා ගැනීම් වලින් එකක් වශයෙන් බයන් මියුනිච් ක්‍රීඩක රොබට් ලෙවන්ඩොස්කි ව හඳුන්වා දිය හැකියි. ඔහු අද දිනයේදී ප්‍රථම වතාවට බාසිලෝනා ක්‍රීඩකයෙක් ලෙසින් ඔවුන්ගේ ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයන් හට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා.


මේ සඳහා ප්‍රේක්ෂකයන් දහස් ගණනක් ක්‍රීඩාංගනයට පැමිණ සිටි අතර තමන්ගේ ක්‍රීඩා සමාජයට පැමිණි නවතම තරුව උණුසුම් ලෙසින් පිළිගැනීමටද ඔවුන් අමතක කළේ නෑ. නව ක්‍රීඩා සමාජයේද ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයාට හිමි අංක 9 ජර්සිය ලෙවන්ඩොස්කි ට හිමිව තිබෙනවා.


2022/23 නව ස්පාඤ්ඤ පාපන්දු තරඟවාරය එළඹෙන සති අන්තයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී බාසිලෝනා කණ්ඩායම අගෝස්තු 14 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12 30 ට රායෝ වැයකානෝ සමගින් තම මුල්ම තරඟයට සහභාගී වනවා.

0 views0 comments