• Shaminda Jayarathne

රැජිණගේ අභාවයෙන් කළු පාට වුණ එංගලන්ත ක්‍රීඩාව!

වසර 70ක් පුරාවට එංගලන්තය කිරීටය හෙබවූ දෙවන එලිසබෙත් රැජිණ මියගිය බවට ඊයේ දිනයේදී එරට රජ පවුල නිල වශයෙන් නිවේදනය කළා. රැජිණගේ මරණයෙන් අනතුරුව එරට සියලුම දේ කළු පාටට හැරී තිබෙන අතරම ක්‍රීඩාව සම්බන්ධ සියල්ලමද එයට අයත් වනවා.


එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරේ පැවැත්වීමට නියමිතව තිබූ තෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය රැජිණගේ අභාවයත් සමගම දින නියමයකින් තොරව කල් දැමුණා. ඒ වගේම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවද කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති ආකාරය දකින්නට පුළුවන්.


මෙම සති අන්තයේ පැවැත්වීමට තිබෙන සියලුම පාපන්දු තරඟ කල් දැමීමටත් එංගලන්තය තීරණය කොට තිබෙනවා. ඒ වගේම සියලුම පාපන්දු කණ්ඩායම් තමන්ගේ සමාජ මාධ්‍ය පිටු කළු පැහැයෙන් සැරසීමට කටයුතු කොට තිබෙනවා.


එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබෙන සියලුම ක්‍රීඩා ඉසව් නැවත දැනුම්දෙන තුරු කල් තැබීමටත් එරට බලධාරීන් කටයුතු කළා. බොහෝ විට සතියකට අධික ශෝක කාලයක් ක්‍රියාත්මක වන බැවින් අවම වශයෙන් දින 7ක් වත් එංගලන්තයේ ක්‍රීඩා තරඟ ක්‍රියාත්මක නොවෙනු ඇති.

2,672 views0 comments