• Chathura Ramanayake

රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්කගෙන් නොදැවුනු ත්‍රිත්ව ශතකයක් !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක අද දිනයේදී සමත් විය. ඒ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.


මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාගම ක්‍රීඩා සමාජය සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 591ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට විය. එහිදී නිෂාන් මදුෂ්ක පන්දු 415ක් තුළදී හතරේ පහර 26ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 300ක් රැස්කළ අතර ඔහු ත්‍රිත්ව ශතකය රැස්කළ පසු ඉනීම අත්හිටුවීමට රාගම ක්‍රීඩා සමාජය තීරණය කළහ.


නිෂාන් මදුෂ්ක ක්‍රීඩා පිටිය පුරාවට පහරවල් එල්ල කරද්දී හතරේ පහර 8ක් සමගින් ලෝන්ග් ඕෆ් කලාපය ඔස්සේ ලකුණු 65ක් ද හතරේ පහර 6ක් සමගින් කවර් කලාපය ඔස්සේ ලකුණු 90ක්ද රැස්කිරීමට ඔහුට හැකි විය. පළමු පෙළ ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර තෙවැන්නා බවට පත් වන්නටද නිෂාන් මදුෂ්කට හැකි විය.


ඔහුට වඩා අඩු වයස් සීමාවකදී ත්‍රිත්ව ශතක රැස්කොට ඇත්තේ මිනෝද් භානුක හා කුසල් පෙරේරා පමණි. එමෙන්ම පළමු පෙළ පිටියේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ 11වන ශ්‍රී ලාංකිකයා බවට පත් වන්නටද නිෂාන් මදුෂ්කට හැකි විය. නිෂාන් මදුෂ්ක මෙවර තරග වාරයේ ඉනීම 3ක් තුළ ලකුණු 550ක් රැස්කොට ඇත්තේ එම අගයම පිතිකරණ සාමාන්‍ය ලෙසින් ද රදවාගනිමිනි.

285 views0 comments