• Chathura Ramanayake

රසෙල් ඇතුළු ප්‍රභලයන් රැසකට බිග්බෑෂ් තරගාවලිය අහිමි වෙයි



එළඹෙන බිග්බෑෂ් ලීග් තරගාවලිය සදහා වන ක්‍රීඩක කෙටුම්පත අද දිනයේදී පවත්වා ඇත. මෙවර ක්‍රීඩක කෙටුම්පතෙහිදී ප්ලැටිනම් කාණ්ඩය ඔස්සේ ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 12 දෙනා අතුරින් ඔඅස් දෙනෙකුම කණ්ඩායම් වලට එක් කොට නොගැනීමට හිමිකරුවන් තීරණය කළහ. එම ක්‍රීඩකයන් පස්දෙනා අතරට ෆැෆ් ඩුප්ලෙසිස්, කිරන් පොලාඩ්, ඩ්වේන් බ්‍රාවෝ, ඇන්ඩ්‍ර්‍ර රසෙල් හා ජේසන් රෝයි යන ක්‍රීඩකයන් ඇතුළත් විය. ඔවුන් දකුණු අප්‍රිකා හා එක්සත් අරාබි එමීර් ලීගයට ගිවිසුම්ගතව ඇති බැවින් ඔවුන්ව කණ්ඩායම් වලට එක් කොට නොගැනීමට තීරණය කොට ඇත.


අද දිනයේ ක්‍රීඩක කෙටුම්පතෙහිදී පළමුව ඉදිරිපත් වූ ලියම් ලිවින්ග්ස්ටන් Melbourne Renegades කණ්ඩායමට එක් කොට ගැනුණි. අනතුරුව දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් Adelaide Strikers කණ්ඩායමට එක් කොටගත් අතර Sydney Sixers කණ්ඩායමට ක්‍රිස් ජෝඩ්න් හා ජේම්ස් වින්ස් එක් කොට ගැනුණි.


Melbourne Stars කණ්ඩායමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් එක් කොට ගැනුණු අතර ඔහු පළමු වරට බිග්බෑෂ් තරගාවලියකට ක්‍රීඩා කරනු ඇත. ඇලෙක්ස් හේල්ස් නැවත වරක් සිය සුපුරුදු කණ්ඩායම වන Sydney Thunder කණ්ඩායමට එක් කොටගෙන ඇත. පාකිස්තාන ක්‍රීඩක අසිෆ් අලී Hobart Hurricanes කණ්ඩායමට එක් කොට ගැනීමට රිකී පොන්ටින් කටයුතු කළේය.


මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 දෙනෙකුද කෙටුම්පතෙහි ක්‍රීඩකයන් ලැයිස්තුවට ඇතුළත්ය වූ අතර මහීෂ් තීක්ෂණ ඉන් ඉවත් වීමට තීරණය කළේය. සෙසු ක්‍රීඩකයන් අට දෙනා අතුරින් කිසිදු ක්‍රීඩකයෙකු අද දිනයේදී කණ්ඩායම් වලට එක් කොට නොගැණුනි. ක්‍රීඩක කෙටුම්පතට ඇතුළත් වූ ක්‍රීඩකයන් වූයේ දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සදකැන්, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිසල තාරක හා රුවන්ත කැල්ලේපොත යි.


අද දිනයේදී කණ්ඩායම් වලට එක් කොටගත් ක්‍රීඩකයන්


Melbourne Renegades

ලියම් ලිවින්ග්ස්ටන් , මුජීබර් රහ්මාන්, අකීල් හුසේන්


Melbourne Stars

ට්‍රෙන්ට් බෝල්ට්, ජෝ ක්ලාක්, ලුක් වුඩ්


Brisbane Heat

සෑම් බිලින්ග්ස්, කොලින් මුන්රෝ, රෝස් වයිට්ලී


Sydney Sixers

ක්‍රිස් ජෝඩ්න්, ජේම්ස් වින්ස්, ඉසාරුල්ලා නවීඩ්


Adelaide Strikers

රශීඩ් ඛාන්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ඇඩම් හෝස්


Perth Scorchers

ලෞරි ඊවන්ස්, පිල් සෝල්ට්, ටයිමල් මිල්ස්


Sydney Thunder

ඩේවිඩ් විලී, ඇලෙක්ස් හේල්ස්, රිලී රුසොව්

2,106 views0 comments