• Chathura Ramanayake

රෂීඩ් ඛාන් සමඟ ඇතිවූ බහින් බස් වීම ගැන ගුණතිලක හඬ අවදි කරයි

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. අද තරගය සම්බන්ධයෙන් හා ඇෆ්ගනිස්තාන තරගයේ රශීඩ් ඛාන් සමගින් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අදහස් දක්වා ඇත.


" තරගයට හොද සූදානමක් තියෙනවා. මං හිතන්නෙ මේ තරගය ජයග්‍රහණය කළොත් අපිට අවසන් මහා තරගයට යන්න 99%ක විතර අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තරගය ජයග්‍රහණය කරලා අවසන් මහා තරගයට යන්න"

අංක හතර පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ද ධනුෂ්ක ගුණතිලක මෙහිදී අදහස් දක්වා ඇත


" ඇත්තටම මට එය අලුත් අත්දැකීමක්. ඒ වගේම කණ්ඩායමක් විදියට පුහුණුකරු හා තේරීම් කමිටුව කිව්වා නොම්බර හතර ස්ථානයේ ක්‍රීඩා කරන්න ඕනි කියලා. ඒක ටීම් එකට ලොකු දෙයක් වෙයි කියලා එයාල කිව්වා.මට ඒ වෙලාවෙ හිතුනා ඒක භාරගත්තොත් හොදයි කියලා."

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මෙන් දිගු ඉනීමක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ද ධනුෂ්ක ගුණතිලක අදහස් දක්වා ඇත


" මම තරග කිහිපයකම ලකුණු 20,15 ලබාගෙන දැවී ගියා අවාසනාවන්ත ලෙස. මම හිතනවා එන මෝමෙන්ටම් එක තව ටිකක් ඉදිරියට අරං යන්න පුලුවං නං කණ්ඩායමට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. දැං පිතිකරණයේ යෙදෙන ස්ථානය එක්ක ලකුණු 40ක් 50ක් ලබාගන්න පුලුවන් නම් එය කණ්ඩායමට ලොකු දෙයක් කියලා"



රශීඩ් ඛාන් සමගින් පෙර තරගයේ සිදු වූ උණුසුම් තත්වය පිළිබඳව ද ධනුෂ්ක මෙහිදී අදහස් දක්වා ඇත.


" ඇත්තටම එහෙම මොකුත් උන්නෑ. මං හිතුවෙ එයා මට මොනව හරි කිව්ව කියලා. ඉතින් මම ඇහුව මොනවද කිව්වෙ කියලා. එයා මට කිව්වා එය ඒක කිව්වෙ එයාලගෙ ෆීල්ඩර් කෙනෙක්ට කියලා. දෙන්නට දෙන්න සමාව අරන් ඒක එතනින් ඉවර වුණා "

14,635 views0 comments