• Chathura Ramanayake

රශීඩ් ඛාන් ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට සුභපැතුම් එක් කරයි !!!

Updated: Sep 11


ආසියානු කුසලාන අවසන් මහා තරගය හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායමයි. තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලද කණ්ඩායම් ද්විත්වයට සුභපැතුම් එක් කරමින් දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් සුවිශේෂී ට්විටර් පණිවිඩයක් නිකුත් කොට ඇත.


මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බව රශීඩ් ඛාන් එහි සදහන් කොට ඇත. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැක්වූ ආදරය හා සහයෝගය වෙනුවෙන් රශීඩ් ඛාන් සිය ට්විටර් පණිවිඩය ඔස්සේ ස්තුතිය පළ කොට ඇත.


" මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්. ඔබගේ ආදරය හා සහයෝගය වෙනුවෙන් රසිකයන් හැමෝටම මම ස්තුතිය පළ කොට සිටිනවා. විශේෂයෙන්ම සදහන් කරන්න ඕනි විරාට් කෝලිගේ මංගල විස්සයි විස්ස ශතකය. අවසන් මහා තරගයට පාකිස්තාන හා ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපතනවා" යනුවෙන් රශීඩ් ඛාන් සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබා ඇත.


ඇෆ්ගනිස්තාන දගපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී කඩුලු 6ක් දවාගැනීමට සමත් විය. ඔහුගේ මෙවර තරගාවලියේ පන්දු යැවීමේ දළ ලකුණු වේගය 6.55ක් පමණ වූ අතර ඔහුගේ හොදම පන්දු යැවීම ලෙසින් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 22කට කඩුලු 3ක් දවාගැනීමට රශීඩ්ට හැකිවිය.

6,098 views0 comments