• Shaminda Jayarathne

රබාඩා, නෝකියේ ඇතුළු බලඇණිය එංගලන්තය දණ ගස්වයි!



එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ඉනිමකින් සහ ලකුණු 12 ක විශිෂ්ට ජයග්‍රහණයක් සමග නිමා කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුණා. ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී මෙම ජයග්‍රහණය ලබා ගැනීම තවත් විශේෂත්වයක්.


තම පළමු ඉනිම සඳහා එංගලන්තය ලකුණු 165 කට දැවී යද්දී තෙවන දිනය වූ ඊයේ තරඟය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කරගෙන සිටියා. අනතුරුව උදෑසනම දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 326 කට සීමා වුණා. ඒ ඔවුන් එංගලන්තයට වඩා ලකුණු 161ක් ඉදිරියෙන් සිටිමින්.


නැවත තම දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්තයේ කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නෑ. එංගලන්ත පළමු කඩුලු 6 ලකුණු 86ක් තුළදී බිඳ වැටුණා. අනතුරුව 7 වන කඩුල්ල සඳහා බෙන් ස්ටෝක්ස් සහ ස්ටුවර්ට් බෝඩ් ලකුණු 55ක් එක් කළත් බෝඩ් ගේ දැවී යාමෙන් අනතුරුව ඉතිරි කඩුලු සියල්ල ඉක්මනින් දැවී ගියා.


ඒ අනුව එංගලන්තය දෙවන ඉනිම ලකුණු 149 කට සීමා වූයේ දකුණු අප්‍රිකාවට ඉනිමක ජයග්‍රහණයක් සනිටුහන් කරමින්. තරඟාවලිය ඒ අනුව 1-0 ලෙසින් පෙරමුණට පැමිණීමටද දකුණු අප්‍රිකාව සමත් වුණා. තරඟයේ වීරයා වූයේ ඉනිම දෙකේදීම කඩුලු 7ක් බිඳ හෙලූ කාගිසෝ රබාඩා.


තරඟ සාරාංශය


එංගලන්තය පළමු ඉනිම 165-10

ඔලී පෝප් 73(102), බෙන් ස්ටෝක්ස් 20(30)

කාගිසෝ රබාඩා 52/5 අන්රික් නෝකියේ 63/3


දකුණු අප්‍රිකාව පළමු ඉනිම 326-10

සරෙල් එර්වේ 73(146), මාර්කෝ යැන්සෙන් 48(79), ඩීන් එල්ගාර් 47(81)

ස්ටුවර්ට් බෝඩ් 71/3, බෙන් ස්ටෝක්ස් 71/3


එංගලන්තය දෙවන ඉනිම 149-10

ස්ටුවර්ට් බෝඩ් 35(29), ඇලෙක්ස් ලීස් 35(83)

අන්රික් නෝකියේ 47/3, මාර්කෝ යැන්සෙන් 13/2

187 views0 comments