• Chathura Ramanayake

රට තුළ සිටින හොදම ක්‍රීඩකයන් ලෝක කුසලානයට තෝරාගත් බව තේරීම් කමිටු ප්‍රධානියා කියයි


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම ද ඊයේ(15) දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. මොහොමඩ් නබීගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් ය.


මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා ඇත. සුපිරි කණ්ඩායම් 12 වටයේදී ඇෆ්ගනිස්තානයේ ප්‍රතිවාදීන් වනුයේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා සුදුසුකම් ලබන කණ්ඩායම් 2කයි.



ආසියානු කුසලාන තරගාවලියට ඇතුළත් වූ ක්‍රීඩකයන් අතරින් සයිමුල්ලා ශින්වාරි, හෂ්මටුල්ලා ශහීදි, අෆ්සර් සසායි, කරීම් ජනට් හා නූර් අහමඩ්ට ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතයේ දොරටු විවර වී නොමැත. ඒ වෙනුවට කුයිස් අහමඩ්, දාර්විෂ් රසෝලි, සලීම් සාෆි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කැදවා ඇත.


ඇෆ්ගනිස්තාන තේරීම් කමිටු ප්‍රධානී නූර් මලික්සායි සදහන් කොට ඇත්තේ රට තුළ සිටින හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට තෝරාගත් බවත් ඔවුන් ලෝක කුසලානයේ හොදින් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.


ඇෆ්ගනිස්තාන සංචිතය

Rahmanullah Gurbaz (wk), Najibullah Zadran, Qais Ahmad, Hazratullah Zazai, Usman Ghani, Mohammad Nabi (capt), Mujeeb Ur Rahman, Ibrahim Zadran, Darwish Rasooli, Azmatullah Omarzai, Mohammad Saleem, Fazalhaq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Rashid Khan


2,084 views0 comments