• Chathura Ramanayake

යොවුන් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා මෙවරත් T10 ලීගයට !!!



ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවත වරක් අබුඩාබි T10 ලීගයේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් රදවා ගැනීමට තීරණය කොට ඇත. අබුඩාබි T10 ලීග් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 23 වනදා ආරම්භ වීමට නියමිතය.


තරගාවලියට එක්වන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම රදවා තබාගන්නා ක්‍රීඩකයන් සිය ට්විටර් ගිනුමෙහි පළකොට ඇත. මතීෂ පතිරණට අමතරව මොහොමඩ් අමීර්ද බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් රදවාගෙන ඇත.


මීට අමතරව ඊවන් ලෙවිස් හා කොලින් මුන්රෝ ද බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. මතීෂ පතිරණ 2020 වසරේ පැවති තරගාවලියේදී කඩුලු 2ක් දවාගෙන ඇත.

286 views0 comments