• Chathura Ramanayake

යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට විස්සයි විස්ස වරම් !!!



ආසියානු කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර තරගයෙනි. ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ.


අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් වේගපන්දු යවන්නන් දෙදෙනෙකු කණ්ඩායමට ඇතුළත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන්නන් දෙදෙනකු වන මතීෂ පතිරණ හා දිල්ෂාන් මධුසංඛ අද දිනයේදී විස්සයි විස්ස වරම් දිනාගත්හ.


වමතින් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ විස්සයි විස්ස තරග 8කට ක්‍රීඩා කරමින් කඩුලු 7ක් බිදහෙලා ඇත. යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඔහු අබුඩාබි T10 තරගාවලියට ද ක්‍රීඩා කොට ඇත.


අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුසංඛ

34 views0 comments