• Chathura Ramanayake

යොවුන් පිළට අගෝස්තු මසදී සුවිශේෂී තරග සංචාරයක් !!



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම එක්දින හා ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් එංගලන්ත තරග සංචාරයකට එක්වීමට නියමිතය. මෙම තරග සංචාරය අගෝස්තු හා සැප්තැම්බර් යන කාල සීමාව තුළදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට යොවුන් එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත්ව ඇත.


ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එළඹෙන අගෝස්තු මස 14වනදා එංගලන්තයට යාමට නියමිත අතර අගෝස්තු මස 16වනදා සිට 18වනදා තෙක් එංගලන්ත යොවුන් ලයන්ස් කණ්ඩායම සමගින් තෙදින පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව අගෝස්තු මස 21වනදා යොවුන් ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.


තරග 2කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සැප්තැම්බර් මස 5වනදා ආරම්භ වීමට නියමිතය. මෙම තරග සංචාරයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට එංගලන්තයේ තත්වයන්ට හුරුවීමට අවස්ථාව හිමිවන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අභියෝග වලට තමාව සූදානම් කරගැනීමට මෙය හොද අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ජෙහාන් මුබාරක් සදහන් කොට ඇත.


තරග කාලසටහන

අගෝස්තු 16-18 : එංගලන්ත යොවුන් ලයන්ස් කණ්ඩායමට එරෙහි පුහුණු තරගය


අගෝස්තු 21-24 : පළමු යොවුන් ටෙස්ට් තරගය


අගෝස්තු 28-31 : දෙවන යොවුන් ටෙස්ට් තරගය


සැප්තැම්බර් 5 : පළමු යොවුන් එක්දින තරගය


සැප්තැම්බර් 8 : දෙවන යොවුන් එක්දින තරගය


සැප්තැම්බර් 10 : තෙවන යොවුන් එක්දින තරගය

331 views0 comments