• Chathura Ramanayake

යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙවර යාපනයට !!!



ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගීඑන සුපිරි තරුව දුනිත් වෙල්ලාලගේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එක් කොට ගෙන ඇති බවට තහවුරු කොට ඇත. මේ අනුව යාපනය කණ්ඩායම ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියට පෙර කණ්ඩායමට එක් කොටගත් දෙවන ක්‍රීඩකයා බවට දුනිත් වෙල්ලාලගේ පත්විය.


දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාව සමගින් පැවති එක්දින තරගාවලියේදී තුන් ඉරියව්වෙන් දස්කම් පාන්නට සමත් විය. දුනිත් වෙල්ලාලගේ විස්සයි විස්ස පිටියේ තරග තුනකට ක්‍රීඩා කරමින් කඩුලු 3ක්ද දවාගෙන ඇත.

1 view0 comments