• Chathura Ramanayake

යොවුන් ක්‍රිකට් තරු සොයා යන යූත් ලීගය එළඹෙන සතියේ පටන් !!!



2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ඉලක්ක කොට ගනිමින් යොවුන් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් පහක් තරග වදින මෙම තරාගාවලි එළඹෙන සතියේදී ආරම්භ වීමට නියමිතය. මෙම එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට නියමිතය.


තරගාවලියේ සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අගෝස්තු මස 22වනදා ආරම්භ වන තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 29වනදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.


තරගාවලියට එක්වන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 13 බැගින් ඇතුළත් වන අතර සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතය. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.


තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්

ගාල්ල, දඹුල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ හා මහනුවර


තරග කාලසටහන


අගෝස්තු 22

ගාල්ල හා කොළඹ උතුර - රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

කොළඹ දකුණ හා මහනුවර - වෙලගෙදර ක්‍රීඩාංගණයේදී


අගෝස්තු 23

දඹුල්ල හා මහනුවර - රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

කොළඹ දකුණ හා ගාල්ල - වෙලගෙදර ක්‍රීඩාංගණයේදී


අගෝස්තු 25

කොළඹ දකුණ හා කොළඹ උතුර - රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

ගාල්ල හා දඹුල්ල - වෙලගෙදර ක්‍රීඩාංගණයේදී


අගෝස්තු 26

දඹුල්ල හා කොළඹ දකුණ - රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

කොළඹ උතුර හා මහනුවර - වෙලගෙදර ක්‍රීඩාංගණයේදී


අගෝස්තු 28

ගාල්ල හා මහනුවර - රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

කොළඹ උතුර හා දඹුල්ල - වෙලගෙදර ක්‍රීඩාංගණයේදී


අගෝස්තු 29

අවසන් මහා තරගය

37 views0 comments