• Chathura Ramanayake

යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයට

2022 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්වෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කෙටිදුර ධාවන ශූර ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. සූරිච්හිදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවසන් මහා අදියර සැප්තැම්බර් මස 7වනදා හා 8වනදා පැවැත් වෙයි.


යුපුන් අබේකෝන් සහභාගී වන මීටර් 100 අවසන් මහා තරගය සැප්තැම්බර් මස 8වනදා පැවැත්වීමට නියමිතය. යුපුන් අබේකෝන් මෙම වසරේදී ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වූ අතර එහිදී ප්‍රසාද ලකුණු 9ක් හිමිකරගනිමින් ක්‍රීඩකයන් පෙළගැස්මේ අටවැනි ස්ථානයේ රැදී සිටියි.


මීටර් සියය ඉසව්වෙහි අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති සෙසු ක්‍රීඩකයන් අතරට ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්, ඇමරිකානු ක්‍රීඩක ට්‍රේවන් බෲමෙල්, මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩක රීස් ප්‍රෙස්කොඩ් යන ක්‍රීඩකයන් ද ඇතුළත්ය. යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වෙහි දී තත්පර 9.96ක කාලයක් වාර්තා කොට ඇත්තේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින්ද කිරුලු දරමිනි.


මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් හා ඔවුන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු


Trayvon Bromell - 16

Reece Prescod - 16

Fred Kerley - 15

Akani Simbine - 15

Andre De Grasse - 13

Christian Coleman - 11

Yohan Blake - 11

Kyree King - 9

Yupun Abeykoon-9






492 views0 comments