• Chathura Ramanayake

යුපුන් අබේකෝන් අද පස්වරුවේ තවත් තරග ඉසව්වකට !!!



දකුණු ආසියාවේ වේගවත්වම මිනිසා ලෙසින් කිරුලු දරා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද දිනයේදී තවත් තරග ඉසව්වකට සහභාගී වීමට සූදානමින් පසුවෙයි. ඒ අනුව යුපුන් අබේකෝන්, ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන 42වන Resisprint ජාත්‍යන්තර තරගාවලියේ මීටර් 100 ඉසව්ව වෙනුවෙන් අද දිනයේදී තරග බිමට පිවිසෙනු ඇත.


මෙම තරග ඉසව්ව වෙනුවෙන් ලොව පුරා නම් දැරූ කෙටිදුර ධාවන ශූරයන් රැසක් තරග වැදීමට නියමිතය. මීටර් 100 ඉසව්වේ මූලික අදියරේ තරග වටය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පස්වරු 2.30ට සිය තරග ඉසව්ව නියෝජනය කරනු ඇත. මීටර් 100 ඉසව්වෙහි අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 6.45ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය අභිමානය අද දිනයේදීත් ඔසවා තබන්නට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්හට හැකිවේවායි යන්න Creedanet අපගේ ඒකායන පැතුමයි.

0 views0 comments