• Chathura Ramanayake

යූත් ලීගයේ අවසන් මහා තරගය කොළඹ උතුර හා මහනුවර අතර !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීගයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ උතුර හා මහනුවර කණ්ඩායම් සමත් විය. මෙම කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.


කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවති තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී සිය අපරාජිතබාවය රැකගන්නට කොළඹ උතුර කණ්ඩායමට හැකිවිය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවති දඹුල්ල කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකරගත් කොළඹ උතුර කණ්ඩායම අපරාජිතබාවය රැකගනිමින් අවසන් සටනට සුදුසුකම් ලැබීමට සමත් විය.


මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 117කට සීමා කරන්නට කොළඹ උතුර පන්දු යවන්නන් සමත් විය. එහිදී ගරුක සංකේත් ලකුණු 27කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් තනුක පළිහවඩන ලකුණු 24කට කඩුලු 3ක් බිදහෙලීය. ඉලක්කය හබාගිය කොළඹ උතුර කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී සහන් දාබරේ නොදැවී ලකුණු 57ක් රැස්කිරීමට සමත් විය.


ඊයේ දිනයේ අනික් තරගය පැවැත්වූයේ ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 49 පන්දු 5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 242ක් රැස්කළහ. ඊට සුපුන් වඩුගේ ලකුණු 78කින් හා මනුල කුලරත්න නොදැවුනු ලකුණු 50කින් දායක විය. පිළිතුරු ලෙසින් ඉලක්කය හබාගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 35 පන්දු 5කදී ඉලක්කය හබායාමට සමත් විය.


ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දිනුර කලුපහන ලකුණු 78ක්ද දිනුර අබේවික්‍රම ලකුණු 73ක් හා රවිෂාන් නෙත්සර ලකුණු  56ක්ද රැස්කිරීමට සමත් විය. මෙම තරගය ජයග්‍රහණය කළද ප්‍රසාද ලකුණු සටහනේ දළ ලකුණු වේගය අතින් මහනුවර කණ්ඩායම ඉදිරියෙන් රැදීසිටි නිසා ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි විය.


කොළඹ උතුර හා දඹුල්ල අතර තරගය


දඹුල්ල ඉනීම: 117/10

එන්. එබානසර් 48

ගරුක සංකෙත් 5/27, තනුග පලිහවඩන 3/24


කොළඹ උතුර ඉනීම : 118/2 (29.4)

සහන් දාබරේ 57*, ශර්දුල් ශන්මුගනාතන් 37*


කොළඹ උතුරට කඩුලු 8 ක ජයක්


ගාල්ල හා මහනුවර අතර තරගය


මහනුවර ඉනීම : 242/10(49.5)

සුපුන් වඩුගේ 78, පමනුල කුලරත්න 50*

සංජු ඩිල්ෂාන් 3/47, සදෙව් ගමගේ 3/26


ගාල්ල ඉනීම : 246/6 (35.5)

දිනුර කලුපහන 73, දිනුර අබේවික්‍රම 78, රවිෂාන් නෙත්සර 56

අකිල වික්‍රමසිංහ 4/43


ගාල්ලට කඩුලු 4 ක ජයක්

79 views0 comments