• Shaminda Jayarathne

රිස්වාන් පෙරමුණට පැමිණෙද්දී පැතුම් සුපිරි 10 දෙනා අතර තවත් ස්ථානයක් ඉදිරියට !

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද නවතම විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයට පත් වීමට පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ට හැකි වී තිබෙනවා. ඔහු තමන්ගේම පිතිකරණ සඟයා වූ බාබර් අසාම් ව දෙවන තැනට ඇද දමමින් ප්‍රථමයා වීමද විශේෂත්වයක්.


Image Source - Getty Images


මෙහි තෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් ට සහ සිව්වන ස්ථානය ඉන්දියාවේ සුර්යකුමාර් යාදෙව් ට හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා පිතිකරුවන් අතරේ විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ තිබෙන පැතුම් නිස්සංක 8 වන ස්ථානයට පත්ව තිබෙන අයුරු දක්නට ලැබුණා.


මෙම ලැයිස්තුවේ මීළගට රැඳී සිටින ශ්‍රී ලාංකිකයා වන චරිත් අසලංකට හිමිව ඇත්තේ 34 වන ස්ථානයයි. ස්ථාන 7ක් ඉදිරියට ආ දසුන් ශානකට 39 වන තැනත් ස්ථාන 18 කින් ඉදිරියට ආ කුසල් මෙන්ඩිස් ට 42 වන තැනත් හිමිව තිබීම සැලකියයුතු කාරණයක්. ඒ වගේම 68 වන ස්ථානයේ පසු වන භානුක රාජපක්ෂ ද ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 14ක් ඉදිරියට පැමිණ තිබෙනවා.


විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන 10 හිමි පිතිකරුවන්


1. මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)

2. බාබර් අසාම් (පාකිස්තානය)

3. ඒඩ්න් මාක්‍රම් (දකුණු අප්‍රිකාව)

4. සූර්යකුමාර් යාදෙව් (ඉන්දියාව)

5. ඩේවිඩ් මලාන් (එංගලන්තය)

6. ආරොන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව)

7. ඩෙවෝන් කොන්වේ (නවසීලන්තය)

8. පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

9. මොහොමඩ් වසීම් (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

10. රීසා හෙන්ඩ්රික්ස් (දකුණු අප්‍රිකාව)

428 views0 comments