• Shaminda Jayarathne

මෙසී සහ නෙයිමාර් පැරීසියට ජය ගෙනෙයි!

ප්‍රංශ පාපන්දුවේ ප්‍රධාන ලීගය වන League 1 2022/23 තරඟවාරය ඊයේ දිනයේ ආරම්භ වුණා. ඒ යටතේ පැවතුන පළමු තරඟයෙන්ම පසුගියවර ශූරයන් වන PSG කණ්ඩායම පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ ක්ලේමොන්ට් කණ්ඩායමට එරෙහිවයි.


තරඟය ආරම්භ වී ගතවන 9 වන විනාඩියේදීම නෙයිමාර් විසින් පළමු පැරිස් ගෝලය රැස් කළා. ඉන් අනතුරුව පළමු අර්ධය නිමා වීමට මත්තෙන් අශ්රෆ් හකීමි සහ මාර්කිනියොස් වාර්තා කළ ගෝල් දෙකෙන් PSG කණ්ඩායම 3-0 ක් ලෙස ප්‍රභල තත්ත්වයක පසු වුණා.


ඉන් අනතුරුව ක්‍රියාත්මක වුණ ලියොනල් මෙසී විසින් තරඟය නිමා වීමට පෙරාතුව තවත් ගෝල 2ක් වාර්තා කළේ තරඟවාරයේ පළමු තරඟයෙන්ම ගෝල 5-0 ක පහසු ජයග්‍රහණයකට පැරීසිය කැඳවාගෙන යමින්. මීට අමතරව ඊයේ පැවති League 1 තරඟ වලින් ඔලිම්පියාකෝ ලියොන් සහ මොනාකෝ කණ්ඩායම්ද ජයග්‍රහණයන් වාර්තා කළා.

15 views0 comments