• Chathura Ramanayake

මුවර්ස්, ටැමිල් යුනියන් , සැරසන්ස් ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කරති


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 12ක් ඊයේ දිනයේදී නිමාවට පත් විය. මෙම තරග වලදී

ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතක දෙකක් හා ශතක රැසක් වාර්තා විය.


ඊයේ දිනයේදී අවසන් වූ තරග 12දී ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා බී ආර් සී ක්‍රීඩා සමාජය සමත් වූහ.


සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවද රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්ක නොදැවුනු ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එමෙන්ම කමිදු මෙන්ඩිස් හා දිලාන් ජයලත් යන ක්‍රීඩකයන් ද නොදැවුනු ද්විත්ව ශතක රැස්කිරීමට සමත් වූහ.


ඒ අනුව මෙවර තරගවාරයේ ක්‍රීඩා කළ තරග 2කම ජයග්‍රහණය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට සමත්ව ඇත. A කාණ්ඩයේ දෙවන ස්ථානය එක් තරගයක් ජයගත් බී ආර් සී ක්‍රීඩා සමාජයට හිමි වී ඇත.


B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට ක්‍රීඩා කළ තරග 2න් එකක් ජයගත් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සමත්වී ඇත. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන යුධ හමුදා ක්‍රීඩා සමාජය සතුය.


තරගාවලියේ තරග 2ක අවසානයේදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත්තේ ඉනීම තුනෙහිම ශතක වාර්තා කළ රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මදුෂ්කයි. ඔහු තරග 2 තුළදී ලකුණු 550ක් රැස්කොට ඇත. තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වනුයේ කෞමාල් නානායක්කාරයි. යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු තරග 2කදි කඩුලු 19ක් දවාගෙන ඇත.


ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රීඩා සමාජය අතර


ඒස් කැපිටල්ස් පළමු ඉනීම : 223/10

නිනාද් කාදම් 60, ප්‍රමුද් හෙට්ටිවත්ත 43

ධනුෂ්ක සදරුවන් 4/65, චනුර ප්‍රනාන්දු 3/38


මීගමුව පළමු ඉනීම : 231/10

දිමුත් සදරුවන් 67, ජටින් සක්සෙනා 42

නිම්සර අතරගල්ල 4/55, ලසිත් ක්‍රෝස්පුල්ලේ 2/32


ඒස් කැපිටල්ස් දෙවන ඉනීම : 302/8d

ලසිත් ක්‍රෝස්පුල්ලේ 106, ප්‍රමුද් හෙට්ටිවත්ත 59*, නිනාද් කාදම් 47

දිල්ෂාන් මුණවීර 5/65


මීගමුව දෙවන ඉනීම : 160/10

මිනාසූර් රහ්මාන් 57, දිල්ෂාන් මුණවීර 33

තානුක දාබරේ 3/30, කවිදු ඉෂ්වාර 2/24


ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 134ක ජයක්


යුධ හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර


යුධ හමුදා පළමු ඉනීම : 452/4d

තුලිත දිල්ෂාන් 166, ලක්ෂාන් එදිරිසිංහ 120, අසේල ගුණරත්න 87, පැතුම් බොතේජු 50*

පවන් සන්දේෂ් 1/33


පානදුර පළමු ඉනීම : 297/10

ලක්ෂාන් රොදිගු 68, රොෂාන් විජේනායක 64, උමේෂ් කසුන් 43

කෞමාල් නානායක්කාර 6/90, ලක්ෂාන් එදිරිසිංහ 1/11


යුධ හමුදා දෙවන ඉනීම : 108/0

ශෙහාන් ප්‍රනාන්දු 72*, පැතුම් බොතේජු 31*


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි.


බදුරලිය ක්‍රීඩා සමාජය හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර


බදුරලිය පළමු ඉනීම : 207/10

අලංකාර අසංක 65, රනේෂ් සිල්වා 40

නවෝද් පරණවිතාන 3/27, දිල්රුවන් පෙරේරා 2/62


ටැමිල් යුනියන් පළමු ඉනීම : 373/10

සදීර සමරවික්‍රම 172, සන්තුෂ් ගුණතිලක 110

චලන ද සිල්වා 6/150, අනුක් ප්‍රනාන්දු 3/78


බදුරලිය දෙවන ඉනීම : 155/10

අනුක් ප්‍රනාන්දු 56

දිලුම් සුදීර 5/52, නවෝද් පරණවිතාන 2/14


ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ඉනීමකින් හා ලකුණු 11ක ජයක්


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනීම : 67/10

මිනෙත් ප්‍රේමරත්න 15

ඉසිත විජේසුන්දර 6/23, මොහොමඩ් දිල්ෂාඩ් 3/20


සැරසන්ස් පළමු ඉනීම : 204/10

සදුන් මෙන්ඩිස් 50, තවීශ මදුසංක 42

ලහිරු මදුසංක 5/91, චානක කොමසෝරු 3/60


බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනීම : 196/10

මිනෙත් ප්‍රේමරත්න 34, මදුක ලියනපතිරණ 34*

ඉසිත විජේසුන්දර 4/60, සදුන් මෙන්ඩිස් 3/37


සැරසන්ස් දෙවන ඉනීම : 60/2

නවිදු නිර්මාල් 37

මදුක ලියනපතිරණ 1/18


සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 8ක ජයක


බී ආර් සී ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර


කැන්ඩි කස්ටම්ස් පළමු ඉනීම : 113/10

රශ්මික මධුසංඛ 30

තිලකරත්න සම්පත් 5/39, දුවිදු තිලකරත්න 3/13, දුෂාන් හේමන්ත 2/30


බී.ආර්.සී පළමු ඉනීම : 446/4d

ඩිලාන් ජයලත් 203*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 55, මොදිත රණතුංග 52, දුෂාන් හේමන්ත 50*

මෙතුෂාන් තිළිණ 2/87

කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනීම : 295/10

චානක විජේසිංහ 103, මිතුන් ජයවික්‍රම 59, පරාස් ශර්මා 51

දුෂාන් හේමන්ත 4/90, දුවිදු තිලකරත්න 3/63 ,තිලකරත්න සම්පත් 2/71


බී ආර් සී ක්‍රීඩා සමාජයට ඉනීමකින් හා ලකුණු 38ක ජයක්


කොළඹ ක්‍රීඩා සමාජය හා කලුතර නාගරික ක්‍රීඩා සමාජය අතර


කොළඹ පළමු ඉනීම : 454/4d

කමිදු මෙන්ඩිස් 200*, නිමේෂ් ගුණසිංහ 78, ලසිත් අබේරත්න 93

ඉන්ෂක සිරිවර්ධන 3/142


කලුතර පළමු ඉනීම : 142/10

සදීශ් ජයවර්ධන 45

අශාන් ප්‍රියංජන් 5/29, මලින්ද පුෂ්පකුමාර 4/74


කලුතර දෙවන ඉනීම : 250/10

සුකිත මනෝජ් 137, ඉන්සක සිරිවර්ධන 37

විශ්ව ප්‍රනාන්දු 5/70, මලින්ද පුෂ්පකුමාර 3/104


කොළඹ ක්‍රීඩා සමාජයට ඉනීමක හා ලකුණු 62ක ජයක්


කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර


කෝල්ට්ස් පළමු ඉනීම : 463/5d

විශාඩ් රන්දික 114*, රවිදු රශන්ත 95, අවිශ්ක පෙරේරා 79, ශලින් ද මැල් 59,

සදකැන් පතිරණ 2/93


ගාල්ල පළමු ඉනීම : 173/10

දිල්ෂාන් කාංචන 78, සමීන් කදානෙආරච්චි 43

දුනිත් වෙල්ලාලගේ 4/46, ධනංජය ලක්ෂාන් 4/40


ගාල්ල දෙවන ඉනීම : 221/9

සමීන් කදානෙආරච්චි 80, විනුර දුල්සර 64

ධනංජය ලක්ෂාන් 4/44, දුනිත් වෙල්ලාලගේ 2/43, මුදිත ලක්ෂාන් 2/44


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි.


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා එස් එස් සී ක්‍රීඩා සමාජය අතර


එස් එස් සී පළමු ඉනීම : 518/4d

නිපුන් ධනංජය 152, නුවනිදු ප්‍රනාන්දු 140, සම්මු අශාන් 100*, ක්‍රිෂාන් සංජුල 77,

මිරංග වික්‍රමගේ 2/133


ලන්ක්න් පළමු ඉනීම : 136/10

දේශාන් ඩයස් 46

ප්‍රභාත් ජයසූරිය 3/29, කවිදු නදීෂාන් 2/18, කළණ පෙරේරා 2/20


ලන්ක්න් දෙවන ඉනීම : 352/7

ලක්රුවන් අබේරත්න 145*, දේශාන් ඩයස් 114

ලක්ෂිත රසාංජන 5/60, කලණ පෙරේරා 1/24


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි


එන් සී සී ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර


එන් සී සී පළමු ඉනීම : 307/10

අසෙල් සිගේරා 74, නිරෝෂන් දික්වැල්ල 51, ලසිත් ඇඹුල්දෙණිය 47

දුලාංජල මෙන්ඩිස් 5/83, ගිහාන් සිරිසෝම 2/64


ගුවන් හමුදා පළමු ඉනීම : 259/10

ආදිත්‍ය සිරිවර්ධන 48*, ,දේශාන් ප්‍රනාන්දු 41

ලසිත් ඇඹුල්දෙණිය 3/73, අම්ශි ද සිල්වා 3/91, අසෙල් සිගේරා 2/15


එන් සී සී දෙවන ඉනීම : 304/9

අසෙල් සිගේරා 69, ලහිරු උදාර 65, සහන් ආරචිචිගේ 59

ගයාන් සිරිසෝම 3/48


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි.


නුගේගොඩ ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර


හලාවත මේරියන්ස් පළමු ඉනීම : 419/10

අනුජ් ජොටින් 152, ජාතර් 77, රවීන් යසස් 75

නවීන් ප්‍රනාන්දු 3/76, ,කුයිසාර් අශ්‍රෆ් 2/105


නුගේගොඩ පළමු ඉනීම : 185/10

නයන ප්‍රනාන්දු 52

තිමිර ඉරුෂික 5/36, පුලින තරංග 2/50


නුගේගොඩ දෙවන ඉනීම : 185/2

පැතුම් දිල්ෂාන් 102*, ශබීර් 45


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි.


පොලිස් ක්‍රීඩා සමාජය හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර


මුවර්ස් පළමු ඉනීම : 273/10

දිනුක දිල්ෂාන් 72, පබසර වඩුගේ 51, මොහොමඩ් ශමාස් 51

චරිත් සුදාරක 4/62, ලහිරු දියන්ත 4/68


පොලිස් පළමු ඉනීම : 203/10

නදීර බාලසූරිය 70, හේෂාන් ප්‍රනාන්දු 44

රමේෂ් මෙන්ඩිස් 3/35, , තීසාන් විතුසාන් 2/19


මුවර්ස් දෙවන ඉනීම : 256/6

පබසර වඩුගේ 73, පසිදු සූරියබණ්ඩාර 52, දිනුක දිල්ෂාන් 47

ලහිරු දියන්ත 4/98, නලින් ප්‍රියදර්ශන 2/58


පොලිස් දෙවන ඉනීම : 133/10

චතුරංග කුමාර 50

චානුක දිල්ෂාන් 4/33, තීසාන් විතුසාන් 3/29


මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 193ක ජයක්.


රාගම ක්‍රීඩා සමාජය හා සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර


රාගම පළමු ඉනීම : 591/3

නිෂාන් මදුෂ්ක 300*, ජනිත් ලියනගේ 140, සාමින්ද ප්‍රනාන්දු 83

තරිඳු රත්නායක 2/201


සෙබස්තියනයිට්ස් පළමු ඉනීම : 193/10

තරිඳු රත්නායක 38

ශශික දුල්ෂාන් 6/70, කල්හාර සේනාරත්න 2/32


සෙබස්තියනයිට්ස් දෙවන ඉනීම : 159/2

අක්ෂදීප් නාත් 66*, සෞරබ් ඩූබි 45


තරගය ජයපරාජයෙන් තොරව අවසන් වෙයි.


88 views0 comments