• Chathura Ramanayake

මෙය හොද පිතිකරණ තණතීරුවක් - නවීඩ් නවාස් !!



පළමු ටෙස්ට් තරගය සමග සන්සන්දනය කිරීමේදී, දෙවන තරගය සදහා හිමිවූ තණතීරුවෙහි විශාල වෙනසක් පවතින බවත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තණතීරුවේ හොද ප්‍රගතියක් අත්කොටගෙන ඇති බවත් ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කොට ඇත.


" පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් තරගය අපි අවාසනාවන්ත ලෙසින් පරාජයට පත් වුණා. එම තණතීරුව හොදින් දගකැවුණා. නමුත් දෙවන තරගයේ තණතීරුව තෙවන දිනය තෙක් හොද පිතිකරණ තණතීරුවක් කියලා පෙනුණා. ඒ වගේම පිතිකරුවන්ට ලකුණු රැස්කිරීමට එහි අවස්ථාව තිබුණා."


" මම හිතන්නෙ තරගයේ තෙවන දිනය ඉතා වැදගත් වුණා. විශේෂයෙන් අපි දිනයේ පළමු අර්ධ දෙක තුළ තරගයට අවතීර්ණ වූ ආකාරය සිත් ඇදගන්නා සුලුයි. දිමුත්, කුසල්, ඇන්ජිලෝ, චන්දිමාල් හා මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කමිදු හොදින් ක්‍රීඩා කරමින් ඉනීම ගොඩ නැගුවා."


"ඒ වගේම කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ගැන කතා කරන විට අපි ඔහුට පන්දුවට පහරදීමට සෑම විටම නිදහස ලබා දෙනවා. දික්වැල්ලගේ පිතිකරණ විලාශය ඇත්තටම වෙනස්. මැදපෙළ පිතිකරුවෙකු ලෙස ලකුණු ලබාගැනීමේදී ඔහුටම ආවේණික ක්‍රීඩා විලාශයක් තියෙනවා" යනුවෙන් නවීඩ් නවාස් සදහන් කොට ඇත.

35 views0 comments