• Chathura Ramanayake

මෙන්ඩිස් හා දිමුත් වාර්තාවක් අලුත් කරයි !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කළහ.


අනතුරුව සිය පළමු ඉනීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සබදතාවක් ගොඩනගන්නට කුසල් මෙන්ඩිස් හා නායක දිමුත් කරුණාරත්න සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 152ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය.


මෙය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් පිටියේ දෙවන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම සබදතාවය ලෙසිනි. මින් පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් රැස්කළ ඉහළම සබදතාවය වූයේ මාවන් අතපත්තු හා කුමාර් සංගක්කාර 2007 වසරේදී රැස්කළ ලකුණු 143ක සබදතාවයයි. ඒ අනුව අද දිනයේදී වසර 15ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලන්නට දිමුත් හා කුසල් සමත් විය.


ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් පිටියේ දෙවන කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරු යුගලයක් ගොඩනැගූ හොදම සබදතාවයන්


දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් 2022දී- ලකුණු 152ක් 


මාවන් අතපත්තු හා කුමාර් සංගක්කාර 2007දී - ලකුණු 143ක්


මාවන් අතපත්තු හා කුමාර් සංගක්කාර 2004දී - ලකුණු 138ක්

0 views0 comments