• Chathura Ramanayake

මෙන්ඩිස් ප්‍රමුඛ රතු බලකායේ පිතිකරණ බලඇණිය !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ එක් එක් කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ලිපි මාලාවක් ගෙන ඒමට Creedanet අප තීරණය කළෙමු. ඒ අනුව අද දිනයේදී එහි පළමු ලිපියෙන් අවදානය යොමු කරනුයේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායමේ පිතිකරණ බලඇණිය කෙසේද යන්නයි.


SLC Reds කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ පිතිකරුවන් රැසක් ඇතුළත්ය. ඒ අතුරින් නායක කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් Reds කණ්ඩායම සතු ප්‍රබලතම පිතිකරුවන්ය. එමෙන්ම අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් අතරෙහි රැදී සිටින ලසිත් ක්‍රෝස්පුල්ලේ , පබසර වඩුගේ හා සිතාර ගිම්හාන් යන යොවුන් පිතිකරුවන් දෙදෙනාද Reds කණ්ඩායමේ පිතිකරණ ඒකක ශක්තිමත් කරයි.


තවද තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන පිතිකරුවන් කිහිපදෙනෙකුද Reds කණ්ඩායමට ඇතුළත්ය. ඒ අතරට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, සහන් ආරචිචිගේ හා ප්‍රහාරාත්මක පිතිකරු ලහිරු මධුසංඛ යන ක්‍රීඩකයන් ඇතුළත්ය. මෙම ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හා දේශීය විස්සයි විස්ස පිටියේ දස්කම් දක්වා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු.


ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම පිතිකරණ අත්දැකීම් සහිත කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 35කට ක්‍රීඩා කොට ඇති අතර ලකුණු 681ක් රැස්කිරීමට සමත් වී ඇත. ඔහු සමස්ත විස්සයි විස්ස පිටියේදී තරග 77ක් ක්‍රීඩා කරමින් ලකුණු 1945ක් රැස්කිරීමට සමත් වී ඇත්තේ අර්ධ ශතක 15ක්ද සමගිනි. අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 21කට ක්‍රීඩා කරමින් ලකුණු 350ක් රැස්කොට ඇති අතර ඔහු ලීග් තරගද ඇතුළුව සමස්ත විස්සයි විස්ස තරග 120ක් තුළ ලකුණු 2271ක් රැස්කොට ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක 10ක් සමගිනි.


කමිදු මෙන්ඩිස් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ එතරම් අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු නොවූවද විස්සයි විස්ස පිටියේ තරග 41කට ක්‍රීඩා කරමින් ලකුණු 747ක් රැස්කිරීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම විටකදී පිත්තෙන් දස්කම් පෑමට සමත් වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම් 32ක් තුළදී ලකුණු 382ක් රැස්කිරීමට සමත් වි ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගද ඇතුළු සමස්ත විස්සයි විස්ස තරග 105ක් තුළ ලකුණු 1080ක් රැස්කිරීමට වනිදු හසරංග සමත් වී ඇත.


SLC Reds කණ්ඩායම සතු අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ලහිරු මධුසංඛද විස්සයි විස්ස පිටිය තුළදී තරග 67කට ක්‍රීඩා කරමින් ලකුණු 658ක් රැස්කොට ඇත. මැදපෙළ වගකීම ඉටුකරන්නට Reds කණ්ඩායම සතු තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරචිචිගේ විස්සයි විස්ස ඉනීම 28ක් තුළදී ලකුණු 515ක් රැස්කොට ඇත. තවද දේශීය ක්‍රිකට් පිටිය තුළ දස්කම් පා ඇති පබසර වඩුගේ තරග 32කදී ලකුණු 597ක්ද, ලසිත් ක්‍රෝස්පුල්ලේ තරග 29ක් තුළදී ලකුණු 538ක්ද, සිතාර ගිම්හාන් තරග 26ක් තුළදී ලකුණු 375ක්ද රැස්කොට ඇත. එමෙන්ම ඕනෑම අවස්ථාවක ලකුණු රැස්කළ හැකි ක්‍රීඩකයන් ලෙසින් දුනිත් වෙල්ලාලගේ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන්ද SLC Reds පිතිකරණ බලඇණිය ශක්තිමත් කරනු ඇත.


SLC Reds ක්‍රීඩකයන් විස්සයි විස්ස පිටියේ දක්වා ඇති දක්ෂතා


ක්‍රීඩකයා


ඉනීම


ලකුණු


ප්‍රහාරක වේගය


හොදම ලකුණ

කුසල් මෙන්ඩිස්


76


1945


135.16

85

​භානුක රාජපක්ෂ


106


2271


137.97

100

කමිදු මෙන්ඩිස්


33


747


129.91

99*

වනිදු හසරංග


79


1080


133.66

74

පබසර වඩුගේ


32


597


​110.76

64

ලසිත් ක්‍රෝස්පුල්ලේ


29


​538


123.67

67


සිතාර ගිම්හාන්


24


375


135.37

59


සහන් ආරචිචිගේ


28


515


125.60

66*

ලහිරු මදුසංක


50


658


112.86

​74*


Stats : ESPNcricinfo

0 views0 comments