• Chathura Ramanayake

මුත්තයියා මුරලිදරන් ලෙජන්ඩ්ස් ලීගයේ Manipal Tigers කණ්ඩායමට !!!



ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග්(LLC) තරගාවලියේ දෙවන අදියර මෙම වසරේ සැප්තැම්බර් මස 16වනදා සිට ඔක්තෝබර් මස 8වනදා තෙක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත ඊයේ දිනයේදී පැවැත්වූ අතර තරගාවලියට එක්වන කණ්ඩායම් හතරට එහිදී ක්‍රීඩකයන් එක් කොට ගැනුණි.


තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනෙකු ඇතුළත් කොට ගැනීමට හැකියාව තිබූ අතර ඉන් අවම ක්‍රීඩකයන් 6 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් විය යුතු විය. සෑම කණ්ඩායමටම පළමුව පිතිකරුවෙක්, වේගපන්දු යවන්නෙක්, දඟ පන්දු යවන්නෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හා කඩුලු රකින්නෙක් ඇතුළත් කොට ගැනීමට අවස්ථාව හිමි විය.

එහිදී ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමට අජන්ත මෙන්ඩිස් ද මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට මුත්තයියා මුරලිදරන් ද දගපන්දු යවන්නන්ගේ කාණ්ඩය යටතේ එක් කොට ගැනුණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ රොමේෂ් කලුවිතාරණ මනිපාල් ටයිගර්ස් කණ්ඩායමටද ෆර්වීස් මහරුෆ් ඉන්දියා කැපිටල්ස් කණ්ඩායමට ද තෝරා ගෙන ඇත.


කණ්ඩායම් හතරේ සංචිත


Bhilwara Kings- Irfan Pathan (C), Yusuf Pathan, Monty Panesar, Naman Ojha, William Porterfield, Samit Patel, Fidel Edwards, Matt Prior, Nick Compton, Sreesanth, Tim Bresnan, Owais Shah, Tino Best, Sudeep Tyagi.


India Capitals- Gautam Gambhir, Ravi Bopara, Pravin Tambe, Denesh Ramdin, Ashgar Afghan, Mitchell Johnson, Liam Plunkett, Rajat Bhatia, Hamilton Masakazda, Mashrafe Mortaza, John Mooney, Prosper Utseya, Ross Taylor, Jacques Kallis, Farveez Maharoof.


Manipal Tigers- Harbhajan Singh, Brett Lee, Muttiah Muralitharan, Phil Mustard, Md. Kaif, Ryan Sidebottom, Lance Klusener, Dimitri Mascarenhas, Romesh Kaluwithrana, Reetinder Sodhi, Parvinder Awana, VRV Singh,


Gujarat Giants- Virender Sehwag (C), Parthiv Patel, Ajantha Mendis, Manvinder Bisla, Lendl Simmons, Mitchell McClenaghan, Stuart Binny, Kevin O'Brien, Daniel Vettori, Ashoke Dinda, Joginder Sharma, Graeme Swann, Richard Levi, Chris Tremlett, Elton Chigumbura.

122 views0 comments