• Chathura Ramanayake

මැග්‍රාත් අභිබවමින් ඇන්ඩර්සන් සිව්වන තැනට !!!



එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැන්නා බවට පත් වන්නට ඊයේ දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකාව සමගින් පැවති දෙවන ටෙස්ට් තරගයේදී කඩුලු 6ක් බිදහෙලන්නට ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.


ජේම්ස් ඇන්ඩර්සන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කඩුලු 951ක් බිදහෙලා ඇත. මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වැන්නා බවට පත් වූයේ ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැග්‍රාත්ය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 949ක් දවාගැනීමට සමත් වී ඇත.


ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දවාගෙන ඇති කඩුලු අතරින් වැඩි කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ටෙස්ට් පිටියේදීය. ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 664ක් එක්දින කඩුලු 269ක් හා ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 18ක් බිදහෙලා ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභී වේගපන්දු යවන්නා බවට පත්ව ඇත්තේද ජේම්ස් ඇන්ඩර්සන්ය. ඔහුට ඉහලින් රැදෙන පන්දු යවන්නන් තිදෙනාම දගපන්දු යවන්නන් වීම සුවිශේෂීය. වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැන්නා බවට පත් වන්නට ඇන්ඩර්සන්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු කඩුලු 6ක් පමණි.


වැඩිම ජාත්‍යන්තර කඩුලු ලාභී පන්දු යවන්නන්

මුත්තයියා මුරලිදරන් - 1347

ශේන් වෝන් - 1001

අනිල් කුම්බ්ලේ - 956

ජේම්ස් ඇන්ඩර්සන් - 951

ග්ලෙන් මැග්‍රාත් - 949

වසීම් අක්‍රම් - 916

ශෝන් පොලොක් - 829

ස්ටෘවර්ට් බ්‍රෝඩ් - 801

වකාර් යුනිස් - 789

චමින්ද වාස් - 761

1,383 views0 comments