• Chathura Ramanayake

මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය වාර්තා පොත් අලුත් කරයි !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද දිනයේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනීමක හා ලකුණු 39ක ජයක් හිමිකර දෙමිනි. මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීමට මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය සමත් විය.


ඒ අනුව මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දවාගත්  වැඩිම කඩුලු ගණන ලෙසින් කඩුලු 12ක් දවාගනිමින් මෙම වාර්තාව අලුත් කරන්නට ප්‍රභාත් ජයසූරිය සමත් විය. මින් පෙර මෙම වාර්තාව ප්‍රවීන් ජයවික්‍රම සතුවූ අතර ඔහු මංගල තරගයේදී කඩුලු 11ක් බිදහෙලීය.


එමෙන්ම මංගල ටෙස්ට් තරගයේ ඉනීමදෙක තුළදීම කඩුලු 6 බැගින් දවාගත් ලොව පලමු වමත් දගපන්දු යවන්නා බවටද ප්‍රභාත් ජයසූරිය පත් විය. මංගල ටෙස්ට් තරගයේදී වමත් දගපන්දු යවන්නෙකුගේ හොදම පන්දු යැවීම ලෙසින්ද ප්‍රභාත් ජයසූරියගේ මෙම පන්දු යැවීම වාර්තා පොත් අතරට එක්වනු ඇත. එමෙන්ම 21වන සියවස තුළ මංගල ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම ලෙසින්ද මෙය වාර්තා වනු ඇත.


මංගල ටෙස්ට් තරගයේ ශ්‍රී ලාංකිකයන්ගේ හොදම පන්දු යැවීම්


ප්‍රභාත් ජයසූරිය - ලකුණු 177ට කඩුලු 12 ප්‍රවීන් ජයවික්‍රම - ලකුණු 178ට කඩුලු 11

අකිල ධනංජය - ලකුණු 44ට කඩුලු 8

අජන්ත මෙන්ඩිස් - ලකුණු 132ට කඩුලු 8


මංගල ටෙස්ට් තරගයේ හොදම පන්දු යැවීම්


නරේන්ද්‍ර හිර්වානි- ලකුණු 136ට කඩුලු 16 රොබට් මැසී - ලකුණු 137ට කඩුලු 16

ෆෙඩ්‍රික් මාටින් - ලකුණු 102ට කඩුලු 12

ප්‍රභාත් ජයසූරිය - ලකුණු 177ට කඩුලු 12

8 views0 comments