• Chathura Ramanayake

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගතකිරීම්හි පියවරක් ඉදිරියට


සංශෝධිත ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලයිස්තුව අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම නවතම ශ්‍රේණිගතකිරීම්හි එක් ස්ථානයකින් ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකිවී ඇත. ඒ අනුව ඔහු මේ වන විට වනිදු හසරංග සමීපයට පැමිණෙමින් විස්සයි විස්ස පන්දු යවන්නන් අතර හත්වැනි තැනට පත් වී ඇත.





වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් අතර හයවැන්නා ලෙසින් තවමත් රැදී සිටියි. මින් පෙර විස්සයි විස්ස පන්දු යවන්නන් අතර හත්වන ස්ථානය හිමිවූ බුවනේෂ්වර් කුමාර් නවවන ස්ථානය තෙක් පඩු බැස ඇත. එමෙන්ම ඇඩම් සම්පාටද ශ්‍රේණිගතකිරීම්හි සිව්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය තෙක් පසුබසින්නට සිදුවී ඇත.


පාකිස්තාන නායක බාබර් අසාම් විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි සිව්වන තැනට ඇද දමමින් තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරු සූර්‍යකුමාර් යාදව් සමත්ව ඇත.ජාත්‍යන්තර විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පස්වන ස්ථානය තෙක් ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු හර්දික් පාන්ඩ්‍යා සමත්ව ඇත.




73 views0 comments