• Chathura Ramanayake

මහීෂ්ගෙන් කෝලි පිළිබඳව අනාවැකියක් !!!



ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය හිටපු නායක විරාට් කෝලි සම්බන්ධයෙන් අනාවැකියක් පළකොට ඇත. ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව හා හොංකොං අතර තරගයේදී ඉන්දීය හිටපු නායක විරාට් කෝලි ශතකයක් රැස්කරනු ඇතැයි තමා විශ්වාස කරන බව විරාට් කෝලි සදහන් කොට ඇත.


ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද රාත්‍රියේදී හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලාන තරගාවලියේ පැවති පාකිස්තානයට එරෙහි පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර එම තරගයේදී විරාට් කෝලි ලකුණු 35ක් රැස්කළේය.


විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දින 1000කට වැඩි කාල සීමාවක් තුළදී ශතකයක් වාර්තා කොට නොමැති තත්වයකදී ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙම අනාවැකිය පළකොට ඇත. ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන Vaibhav Bhola සමගින් පැවති සාකච්ඡාවකදී මහීෂ් තීක්ෂණ මෙම අදහස් දක්වා ඇති බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබා ඇත.


එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශාල රසිකයෙක් බවද Viabhav Bhola සමග ප්‍රකාශ කොට ඇත. Viabhav Bhola සොය ට්විටර් ගිනුමෙහි ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා භානුක රාජපක්ෂ සමගින් අද දිනයේදී ලබාගත් ඡායාරූපද පළකොට ඇත.

179 views0 comments