• Shahan Fernando

මහීශ් ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල සුපිරි 10 දෙනා අතරට.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සකස් කරනු ලබන ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම් වල නවතම ස්ථානයන් ඊයේ දිනයේදී යාවත්කාලීන කරනු ලැබුවා. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ එම ශ්‍රේණිගතකිරීම් වල විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් පිළිබඳව.


විස්සයි විස්ස පන්දු යාවනන්න අතර ලෝකයෙන්ම පළමු තැනට පැමිණීමට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක වානිඳු හසරංග සමත්වුණු අතර මෙම නවතම ශ්‍රේණිගතකිරීම් වල ඔහු 9 වන ස්ථානය තෙක් පහළ බැස තිබෙනවා.



එතෙක් ශ්‍රේණිගතකිරීම් වල 13 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක මහීශ් තීක්ෂණ නවතම යාවත්කාලීන කිරීමට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු ශ්‍රේණිගතකිරීම් වල 8 වන ස්ථානය දක්වා ඉහළම පැමිණ තිබෙනවා.


මේත් සමඟින් විස්සයි විස්ස පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගතකිරීම් වල සුපිරි දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටින අතර පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම් වලද 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා..

4,760 views0 comments