• Shahan Fernando

මහීශ් සහ ඩියුප්ලෙසිස් ගෙන් බලගැන්වුණු Joburg Super Kings සංචිතය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විස්සයි විස්ස ලීග් පිටියට හදුන්වා දෙන SA20 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී සාර්ථකව පැවැත්වීණි. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුවම ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක් කොට ගැනීමට ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කළහ.


Image Source - Joburg FB Page


මහීෂ් තීක්ෂණ නියෝජනය කරන ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමට හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලෙසිස් ද ඇතුළත්ය. කණ්ඩායමට ඇතුළත් සෙසු විදෙස් ක්‍රීඩකයන් අතරට රෝමාරියෝ ෂෙපර්ඩ්, හැරී බෲක්, අල්සාරී ජෝසප් , ලෙවිස් ග්‍රෙගරි යන ක්‍රීඩකයන් ඇතුළත්ය.


ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමට ඇතුළත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අතරට ෆැෆ් ඩුප්ලෙසිස්, ජනෙමන් මාලන්, රීසා හෙන්රික්ස්‍, කයිල් වැරේන් යන ක්‍රීඩකයන් ඇතුළත්ය.

ජොහැන්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්


Faf du Plessis, Gerald Coetzee, Maheesh Theekshana, Romario Shepherd, Harry Brook, Janneman Malan, Reeza Hendricks, Kyle Verreynne, George Garton, Alzarri Joseph, Leus du Plooy, Lewis Gregory, Lizaad Williams, Donavon Ferreira, Nandre Burger, Malusi Siboto, Caleb Seleka

656 views0 comments