• Shaminda Jayarathne

මහේල ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි!

මහේල ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් ඉවත් වී එම කණ්ඩායමේම නව රාජකාරියකට මුළ පුරා සිටිනවා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් හි ගෝලීය නාමය සමග ඔවුන්ට හිමි සියලුම කණ්ඩායම් සමග කටයුතු කිරීමයි.


මුම්බායි ඉන්ඩියන්ස් යනු මේ වන විට හුදෙක් IPL කණ්ඩායමක් පමණක් හිමි සන්නාමයක් නොවේ. ඔවුන් සතුව ILT20 තරඟාවලියේ මුම්බායි එමිරේට්ස් නමින් කණ්ඩායමක් සහ SA20 තරඟාවලියේ මුම්බායි කේප් ටවුන් ලෙසින්ද කණ්ඩායමක් සතු වනවා. මේ නිසාවෙන් මුම්බායි ඉන්ඩියන්ස් මේ වන විට ගෝලීය වශයෙන් කණ්ඩායම් 3ක් හිමි සන්නාමයක් බවට පත් වී හමාරයි.


එලෙස පවතින මුම්බායි ඉන්ඩියන්ස් සන්නාමයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරනා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන මෙතෙක් කල් කටයුතු කළා. නමුත් නව රාජකාරිය අනුව ඔහුට ඉහත සඳහන් කණ්ඩායම් ත්‍රිත්වයේම පුහුණුකාරිත්වය අධීක්ෂණය කිරීම සහ කණ්ඩායම් කළමණාකාරය යන වගකීම් පැවරෙනවා.


ඒ අනුව කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම, නවක ක්‍රීඩකයන් කෙරෙහි අවධානය, ලංසු තැබීම්, පුහුණුකාරිත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීම, මුම්බායි කණ්ඩායම් වල පුහුණුකරුවන්ට උපදේශන සේවා පැවැත්වීම වැනි රාජකාරීන් රාශියක් මහේලගේ කර මතට පැවරෙනවා ඇති. ඔහුත් සමගින් මෙම සන්නාමයේ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම වැඩපිළිවෙල සඳහා අධ්‍යක්ෂක ධූරයට සහීර් කාන් ව පත් කර තිබෙනවා.


මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වුවද මෙතැන් පටන් පැවරෙන රාජකාරිය අනුව ලොව පුරාම ෆ්‍රැන්චයිස් ලීග ක්‍රිඩා කරනා මුම්බායි කණ්ඩායම් වල සැලකියයුතු වගකීමක් දැරීමට මහේල ජයවර්ධනට සිදුවෙනවා ඇති.

159 views0 comments