• Chathura Ramanayake

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රනුද සෝමරත්න යොවුන් ටෙස්ට් ජය ගැන අදහස් දක්වයි



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක් විශිෂ්ඨ ජයක් හිමිකර දෙමිනි. ඊයේ දිනයේදී විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රනුද සෝමරත්න පන්දු 115කදී නොදැවී ලකුණු 120ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.


රනුද සෝමරත්න මෙම තරගයේ පළමු ඉනීමේදීද ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය. තරගයෙන් අනතුරුව ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමගින් පැවති සාකච්ඡාවේදී තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව රනුද සෝමරත්න අදිහස් දක්වා ඇත.


අපිට අර්ධයන් දෙකකදී ලකුණු 273ක් ගහන්න තිබ්බා. මුලින් අපි ගහන්න බැලුවා. ඒත් අපේ කඩුලු 3ක් බිදවැටුනා. මම හිතුවෙ නෑ ලකුණු 273 හබායන්න පුලුවන් වෙයි කියලා. මම ආවේ තරගය පරාජයෙන් බේරගන්න. ඒත් ගහගෙන යද්දි තේරුනා දිනන්න ගහන්න් පුලුවන් වෙයි කියලා. ඊට පස්සෙ මායි රවීනුයි හොද සබදතාවක් ගොඩ නැගුවා ලකුණු 50ක. අපි දෙන්න තේ පානයට එද්දි ගහන්න තිබ්බෙ ලකුණු 180ක් විතර. ඊට පස්සෙ මං රවීන්ටත් කිව්වා අපි අවසාන පැය වෙද්දි ලකුණු 80ක් ගැහුවොත් පන්දු 90ට ලකුණු 100ක් ගහන්න තියෙන්නෙ ඒක අපිට ගහගන්න පුලුවන් වෙයි කියලා. ඒත් අපි ක්‍රීඩා කරන්න ගියාම රවීන් අවුට් වුණා. ඊට පස්සෙ ලහිරු දවටගේ ඇවිල්ලා මාත් එක්ක හොද සබදතාවක් ගොඩනැගුවා ලකුණු 90ක. එතනින් තමයි අපි තරගයට අවතීර්ණ වුණේ. ඊට පස්සෙ රන්පුල් ඇවිල්ල හොද සබදතාවක් ගොඩ නැගුවා. එතනින් පස්සෙ අපිට තරගය දිනන්න ලේසි වුණා. අන්තිමට පන්දුවාරයක් ඉතුරු කරලම දිනන්න පුලුවන් වුණා.

කඩුලු රකින ක්‍රීඩක ලහිරු දවටගේ දැවී යාමෙන් අනතුරුව ක්‍රීඩා කළ ආකාරය පිළිබඳවද රනුද සෝමරත්න මෙහිදී අදහස් දක්වා ඇත.

එතනදි අපි පොඩ්ඩක් පස්සට ගියා. අපිට මැච් එක දිනන්නත් ඕනි. ඒ වගේම පරදින්නත් බෑ. ඒ හංද පොඩ්ඩක් පසු බැස්සා. ඒත් රන්පුල් ඇවිල්ල මට හොද සහයෝගයක් දුන්නා. ඊට පස්සෙ ආයෙ තේරුනා මැච් එක ගහන්න පුලුවන් වෙයි කියලා. එතනින් පස්සෙ වනුජත් ඇවිල්ල හොදට සෙල්ලම් කරා. ඊට පස්සෙ විශ්වාසයක් තිබ්බා මැච් එක දිනනවා කියලා."

එංගලන්ත වේගපන්දු යවන්නන් වූ ඇස්පින්වෝල් හා ක්ලිෆ් යන ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ද රනුද සෝමරත්න අදහස් දක්වා ඇත.

ඒ දෙන්න හොදින් පන්දු යැව්වා. හොද තැන්වල බෝලෙ දෙපැත්තටම දැම්මා. හිද කෙටි පන්දු දැම්මා. තේ පැන් පානයට ආව වෙලේ ජෙහාන් සර් කිව්වෙ ඒ දෙන්නගෙ ස්පෙල් එක වහන්න එතන්න් පස්සෙ මැච් එක ගැහුවෑකි කියලා."

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කිරීම දක්වා වූ සිය ක්‍රිකට් දිවිය පිළිබඳවත් රනුද අදහස් දැක්වීය.

මම ක්‍රිකට් පටන් ගත්තෙ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන්. අනතුරුව මම වයස අවුරුදු 13න් පහල ඉද්දි සනත් ජයසූරියගේ ක්‍රිකට් ඇකඩමි එකට යනවා ලසිත් සර් එක්ක පුහුණුවීම් කරන්න. එතනදි සනත් සර්, බිලාල් සර් මාව දැකල නිලන්ත සර්ට කියලා තිබ්බා. ඊට පස්සෙ ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත ආනා විද්‍යාලය අතර තරගයක් තිබ්බා. ඒකෙදිත් මම හොදට ලකුණු රැස්කළා. ඊට පස්සෙ නිලන්ත සර් කතා කරලා නවය වසරෙ ඉද්දි මට ශිෂ්‍යත්වයක් දීලා ත්‍රිත්ව විද්‍යාලයට ගත්තා.

454 views0 comments