• Chathura Ramanayake

මහනුවර ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් වාර්තා කරති !!!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයේ තරග ඊයේ පැවැත්විණි. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 5ක් තරග වදියි.


රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි ඊයේ පැවැති මෙම තරගයට ක්‍රීඩා කළේ මහනුවර කණ්ඩායම සමගින් දඹුල්ල කණ්ඩායයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණ කිරීමට සමත් විය. එහිදී ලක්වින් අබේසිංහ ලකුණු 88, පුලිදු පෙරේරා ලකුණු 82 රැස්කිරීමට සමත් වූහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 41.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. පන්දු යැවීමේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ශෙෂාන් යෂෝන් හා මනුල කුලරත්න කඩුලු 4ක් බිදහෙලන්නට සමත් විය.


කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවති තරගය වෙනුවෙන් ගාල්ල කණ්ඩායම සමගින් තරග වැදුනේ කොළඹ දකුණ කණ්ඩායමයි.මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වද්දී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 39කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් රැස්කළහ. ඉලක්කය හබාගිය කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 27 එක් පන්දුවකදී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කොළඹ දකුණ පිළට කඩුලු 6ක ජයක් හිමි වද්දී රුසදු ගමගේ නොදැවී ලකුණු 72ක් රැස්කරමින් කණ්ඩායම ජයමාවත කරා රැගෙන ගියේය.


මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර තරගය


මහනුවර කණ්ඩායම : 357/5

ලක්වින් අබේසිංහ 88, පුළිඳු පෙරේරා 82, ඉසුරු පනාල 54, ජයවි ලියනගම* 54


දඹුල්ල කණ්ඩායම : 155/10

ගයාන් වීරසිංහ 33, කනිෂ්ක ලක්ෂාන් 30

මනුල කුලරත්න 4/23, ශෙෂාන් යෂෝන් 4/33


මහනුවර කණ්ඩායමට ලකුණු 202 ජයක්


ගාල්ල කණ්ඩායම හා කොළඹ දකුණ කණ්ඩායම අතර තරගය


ගාල්ල කණ්ඩායම : 205/10(39.0)

චමරිඳු නෙත්සර 44, තමිදු ප්‍රදීප්ති 35

රදීෂ බණ්ඩාරනායක 4/20, රයන් දිසානායක 2/33, අක්මාල් ෆස්ලි 2/43


කොළඹ දකුණ කණ්ඩායම : 200/4 (27.1) රුසඳු ගමගේ *72, විශේන් හැළඹගේ 45, සිනෙත් ජයවර්ධන 38

එස්කබිලේෂ්වරන් 3/66


කොළඹ දකුණට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6ක ජයක්


Stats/Image Source : Sri Lanka Cricket

41 views0 comments