• Chathura Ramanayake

මම පාකිස්ථාන කණ්ඩායමේ දුර්වලතාවන් දකින්නේ නෑ - දසුන්

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර සුපිරි කණ්ඩායම් හතර වටයේ අවසන් තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. ඩුබායිහිදී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා වනිදු හසරංග අදහස් දැක්වීය.


ශ්‍රී ලාංකිකයන්ගෙන් තම කණ්ඩායමට ඉතා හොද ප්‍රතිචාර ඇති බවත් ඔවුන් ක්‍රීඩාවට ඉතාමත් ආදරය කරන පිරිසක් බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කොට ඇත. තරගයේ කාසියේ වාසිය ඩුබායි තණතීරුවේ ඉතා වැදගත් සාධකයක් බව සදහන් කළ,දසුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ කාසියේ වාසිය පරාජයට පත් වූවා නම් පළමුව පන්දුවට පහරදීමටත් සූදානමින් පසුවූ බවයි.


" මම ඔවුන්ගේ කණ්ඩායමේ දුර්වලතා දකින්නෙ නෑ. ඔවුන් හොදින් ක්‍රීඩා කළා. අපි දන්නවා ඔවුන් මීළග තරගයේදී ශක්තිමත් ලෙසින් පැමිණේවි. අපි ඒ සදහා සූදානම් විය යුතුයි."

" පැතුම් කියන්නෙ දක්ෂ ක්‍රීඩකයෙක්. අපි ඔහුගෙන් අපේක්ෂා කරන කාර්‍යභාරය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරනවා. ඔහුගේ කාර්‍යභාරය සමස්ථ කණ්ඩායමටම වැදගත්. මම,භානුක ඇතුලු ප්‍රහාරාත්මක පිතිකරුවන්ට ඔහු වටා ගොඩනැගෙමින් ක්‍රීඩා කරන්න පුලුවන්. අපි ඔහුගෙන් අපේක්ෂා කරන්නෙ ඒ දෙයයි. ඔහුට විශිෂ්ඨ ඉදිරි ගමනක් තියෙනවා."


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ආසියානු කුසලාන අවසන් මහා තරගය එළඹෙන ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම තරගය පිළිබඳව ද දසුන් ශානක අදහස් දක්වා ඇත.


" ඇත්තටම අපිට හොද ආත්ම විශ්වාසයක් තියෙනවා. අපි දැන් තරග 4ක් ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් පාකිස්තානය හොද කණ්ඩායමක්. අපි පාකිස්තාන තරගාවලියට ගිය වෙලේ වනිදු තමයි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ. ඒ තරගාවලියේ වීරයා වුණේ වනිදු. අද තරගයේත් වීරයා වනිදු. වනිදු මත කණ්ඩායමේ පන්දු බලඇණිය රදාපවතිනවා. වනිදු අඩු ලකුණු ගණනකට පන්දු යවල කඩුලු දවාගන්නවා කියන්නෙ මෙයා වටේ මහීෂ් ඉන්නවා,ධනංජය අද හොදට පන්දු යැව්වා. අද වනිදුගේ පන්දු යැවීම නිසා පාකිස්තාන කණ්ඩායම අඩු ලකුණු ගණනකට සීමා කරන්න පුලුවන් වුණා"

පාකිස්තානයට එරෙහි තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූ දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද මාධ්‍ය වෙත අදහස් දැක්වීය.


"ක්‍රීඩාංගණයේ පින්න තිබුණෙ නෑ. පළමු තරග හතරේ මට කඩුලු 3යි ගන්න පුලුවන් වුණේ. මමත් පීඩනයක හිටියේ. කණ්ඩායමට මගෙන් කඩුලු ආවොත් ඕනම කණ්ඩායමක් අඩු ලකුණු ගණනකට දවාගන්න පුලුවන්. මම උත්සාහ කළේ නිලකුණු පන්දු යවන්න. ඒ නිසා තමයි අවසන් පන්දුවාර දෙකේ කඩුලු 3ක් ආවෙ."

" අපිට ඉන්නෙ තරුණ කණ්ඩායමක්. මහීෂ් උණත් තරග කීපයයි ක්‍රීඩා කරල තියෙන්නෙ. ඒ හංද මම උත්සහ කළේ නිලකුණු පන්දු යවන්න. ඒ වගේම විකට් ටු විකට් පන්දු යවන්න. ඒ නිසයි මම සාර්ථක වුණේ. මහීෂුත් ඒ දේමයි කළේ. මේ තණතීරු පැතලී. අපි නියමිත තැන්වල පන්දු යැව්වොත් අපිට සතුටු වෙන්න පුලුවන්".

3,211 views0 comments