• Chathura Ramanayake

මන්දනා හා චමරි ඔක්තෝබර් 1වැනිදා ආසියානු කුසලාන තරග බිමේ


කාන්තා ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 1වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සදහා එක්වන චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කොට ඇත.


තරගාවලියට කණ්ඩායම් හතක් ක්‍රීඩා කරන අතර මූලික වටයේ දී සෑම කණ්ඩායමක් සමගින්ම තරග වැදීමට සිදුවනු ඇත. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 13 වනදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තෝබර් මස 15වනදා පැවැත්වීමට නියමිතය.



තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අසල්වැසි ඉන්දියාවට එරෙහිව ඔක්තෝබර් මස 1වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවද ඉන් අනතුරුව තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය හා පාකිස්තානය සමගින් තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන


1 Oct: v India (1.30 p.m.)

2 Oct: v UAE (1.30 p.m.)

4 Oct: v Thailand (8.30 a.m.)

8 Oct: v Malaysia (8.30 a.m.)

10 Oct: v Bangladesh (8.30 a.m.)

11 Oct: v Pakistan (1.30 p.m.)

13 Oct: Semi-finals (8.30 a.m. & 1.30 p.m.)

15 Oct: Final (1.30 p.m.)



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම



චමරි අතපත්තු

හසිනි පෙරේරා

හර්ෂිතා සමරවික්‍රම

කවීෂා දිල්හාරි

නිලක්ෂි ද සිල්වා

අනූෂා සංජීවනී

ඕෂධී රණසිංහ

මල්ෂා ශෙහානි

මධුෂිකා මෙත්තානන්ද

ඉනෝකා රණවීර

රශ්මි සිල්වා

සුගන්දිකා කුමාරි

අචිනි කුලසූරිය

තාරිකා සෙව්වන්දි







45 views0 comments