• Chathura Ramanayake

මන්දනා, කෝලිට හා රෝහිත්ට පමණක් දෙවැනි වෙයි !!!



ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා ක්‍රිකට් තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තටගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. එම තරගයේදී සුවිශේෂී කඩයිමක් පසු කරන්නට ඉන්දීය ආරම්භක පිතිකාරිණිය ස්ම්‍රිටි මන්දනා සමත්කම් දැක්වීය.


ඇය ඊයේ දිනයේදී නොදැවුනු ලකුණු 63ක් රැස්කිරීමට සමත් විය. එහිදී පවර්ප්ලේ කොටස තුළ පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 44ක් රැස්කිරීමට සමත් විය. ඇය ඊයේ දිනයේදී සිය විස්සයි විස්ස දිවියේ 15වන,අර්ධශතකය වාර්තා කළ අතර හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 63ක් රැස්කිරීමට සමත් විය.


මෙම ඉනීමත් සමගින් ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හබායාම් වලදී ලකුණු 1000 සීමාව පසුකළ තෙවැන්නා බවට පත් වන්නට මන්දනාට හැකිවිය. මින් පෙර ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස හබායාම් වලදී ලකුණු 1000ක් රැස්කොට ඇත්තේ හිටපු නායක විරාට් කෝලි හා වත්මන් නායක රෝහිත් ෂර්මා පමණක් වීමද මෙහිදී සුවිශේෂීය.


ස්ම්‍රිටි මන්දනා මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම 40කදී හබායාම සිදුකොට ඇති අතර එහිදී ඇය ලකුණු 1059ක් රැස්කොට ඇත්තේ 32.09ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි. ඉන්දීය හිටපු නායක විරාට් කෝලි හඹායාමේදී ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1789ක් රැස්කොට ඇති අතර වත්මන් නායක රොහිත් ෂර්මා හඹායාමේදී ලකුණු 1375ක් රැස්කොට ඇත.

0 views0 comments