• Shaminda Jayarathne

බාසිලෝනාවට 6-0 ක ජයක්!

නව පාපන්දු තරඟවාරය ආරම්භ කිරීමට මත්තෙන් ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම ඇමරිකාවේ සුහද පාපන්දු තරඟ සංචාරයක් සඳහා එක්ව සිටිනවා. එහිදී ඔවුන් පසුගියදා ඉන්ටර් මයාමි සමගින් සුහද තරඟයකට එක් වුණා.


එහි ප්‍රතිඵලය වූයේ ගෝල 6-0 ක පහසු ජයග්‍රහණයක් බාසිලෝනා කණ්ඩායමට හිමි වීමයි. තරඟයේ මුල පටන්ම ඉන්ටර් මයාමි හට ස්ථාවර වීමට ඉඩ නොදුන් බාසිලෝනා ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමා කළේ ගෝල 3-0 ලෙස ඉදිරියෙන් සිටිමින්. Aubameyang, Ansu Fati සහ මෙවර ගිම්හාන ක්‍රීඩක හුවමාරුවේදී පැමිණි නවක බ්‍රසීල ක්‍රීඩක Raphinha මෙම ගෝල වල හිමිකරුවන් වුණා.


නැවතත් දෙවන අර්ධයේදී 17 හැවිරිදි ක්‍රීඩක Gavi, Memphis Depay සහ Dembele විසින් ගෝල වාර්තා කරමින් 6-0 ක පහසු ජයග්‍රහණයක් කරා මන්පෙත් විවර කළා. ඇමරිකානු සංචාරයේ මීළඟ සුහද තරඟය සඳහා ජූලි 24 වනදා බාසිලෝනා සහ රියාල් මැඩ්රීඩ් එකිනෙක හමුවීමට නියමිත වනවා.

0 views0 comments