
Chathura Ramanayake
බාබර් අසාම්, කෝලිගේ තවත් වාර්තාවක් බිදහෙළයි !!!

පාකිස්තාන නායක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් ලකුණු 10000 සම්පුර්ණ කිරීමට අද දිනයේදී සමත් විය. ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10000 සීමාව පසුකරන්නට බාබර් අසාම්ට හැකිවිය. බාබර් අසාම් ජාත්‍යන්තර ලකුණු 10000 සීමාව වෙත ළඟාවීමට ඉනීම් 228කට ක්‍රීඩා කොට ඇත.
ඒ අනුව මින් පෙර ඉනීම 232කදී ජාත්‍යන්තර ලකුණු 10000ක් රැස්කළ විරාට් කෝලිගේ වාර්තාව තමා සතුකරගන්නට බාබර් අසාම් සමත් විය. ජාත්‍යන්තර ලකුණු 10000 සීමාව පසු කිරීමට අඩුම ඉනීම් ගණනක් වැයකළ ක්‍රීඩකයන් අතරෙහි පස්වැන්නා බවට පත් වන්නටද බාබර් අසාම්ට හැකිවිය.
වේගවත්ම ලකුණු 10000 රැස් කළ ආසියානු ක්‍රීඩකයන්
බාබර් අසාම් - ඉනීම 228
විරාට් කෝලි - ඉනීම 232
සුනිල් ගවස්කාර් - ඉනීම 243
ජාවෙඩ් මියන්ඩාඩ් - ඉනීම 248
සව්රව් ගංගුලි - ඉනීම 253
වේගවත්ම ලකුණු 10000 රැස් කළ ක්‍රීඩකයන්
විවියන් රිචර්ඩ්ස් - ඉනීම 206
හෂීම් අම්ලා - ඉනීම 217
බ්‍රයන් ලාරා - ඉනීම 220
ජෝ රූට් - ඉනීම 222
බාබර් අසාම් - ඉනීම 228