• Shaminda Jayarathne

බෙන් ස්ටෝක්ස් ගේ තුන් ඉරියව් දක්ෂතා එංගලන්තයට ඉනිමක ජයක් ගෙනෙයි!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරේ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් එංගලන්තයට ඉනිමක සහ ලකුණු 85 ක ජයග්‍රහණයක් හිමි වුණා. ඊයේ දිනයේදී තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව දිනය ආරම්භ කරද්දී කිසිවෙකු නොදැවී ලකුණු 29ක් වාර්තා කරගෙන සිටියා.


ඉන් අනතුරුව දිනය ආරම්භ කොට සුළු මොහොතකින්ම දකුණු අප්‍රිකා පළමු කඩුල්ල දවාගත් ජේම්ස් ඇන්ඩර්සන් තම කඩුලු දඩයම ආරම්භ කළා. නමුත් පිටියේ ස්ථාවර වූ කීගන් පීටසර්සන් සහ රසී වැන්ඩර් ඩුසන් සිව්වන කඩුල්ලට ලකුණු 87ක් එක් කරමින් තරඟයේ වාසියක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියා.


නමුත් මේ මොහොතේදී ක්‍රියාත්මක වූ බෙන් ස්ටෝක්ස් එම සබඳතාවය බිඳ දමමින් නැවතත් තරඟය දකුණු අප්‍රිකාව දෙසින් දුරස් කළා. ඉන් පසුව දෙවන නව පන්දුව ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක වුණ ජේම්ස් ඇන්ඩර්සන් සහ ඔලී රොබින්සන් දකුණු අප්‍රිකානු ඉනිම විනාශ කර දැමුවා.


දකුණු අප්‍රිකා අවසන් කඩුලු 5 ලකුණු 7ක් තුළදී බිඳ වැටී ගියේ එංගලන්තයට ඉනිමක ජයග්‍රහණයක් තහවුරු කරමින්. එංගලන්ත ඉනිමේ විශිෂ්ට ශතකයක් සහ පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා.


තරඟ සාරාංශය


දකුණු අප්‍රිකාව පළමු ඉනිම 151-10

කාගිසෝ රබාඩා 36(72), කීගන් පීටසර්සන් 21(29)

ජේම්ස් ඇන්ඩර්සන් 32/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 37/3, බෙන් ස්ටෝක්ස් 17/2


එංගලන්තය පළමු ඉනිම 415-9d

බෙන් ෆෝකස් 113(217)*, බෙන් ස්ටෝක්ස් 103(163), ජොනී බෙයාස්ටෝ 49(63)

අන්රික් නෝකියේ 82/3, ක්ෂේව් මහරාජ් 78/2


දකුණු අප්‍රිකාව දෙවන ඉනිම 179-10

කීගන් පීටසර්සන් 42(159), රසී වැන්ඩර් ඩුසන් 41(132)

ඔලී රොබින්සන් 43/4, ජේම්ස් ඇන්ඩර්සන් 30/3, බෙන් ස්ටෝක්ස් 30/2

758 views0 comments