• Chathura Ramanayake

බාධක රැසක් මධ්‍යයේ කණිෂ්ඨ ක්‍රීඩකයන් ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට !!!



අගෝස්තු මස 01වනදා ආරම්භ වීමට නියමිත කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබුණි. නමුත් බලධාරීන්ගේ අපරික්ෂාකාරීභාවය හේතුවෙන් ඔවුන්ට ඊයේ දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නොහැකි විය. ඔවුන්ගේ දෙමාපියන් හා නිළධාරීන් පිරිසක් ඊයේ දිනයේදී ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී රාත්‍රිය ගත කරමින් මෙය උදෙසා කළ හැකි සෑම දෙයක්ම සිදුකිරීමට කටයුතු කළහ.


අවසානයේදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා හා පුහුණුකරුවන් දෙදෙනා ඇතුළු පිරිස කාණ්ඩ 2ක් ඔස්සේ කොලොම්බියාව බලා යැවීමට තීරණය කොට ඇත. ඒ අනුව තරුෂි කරුණාරත්න, හිරුෂ හශේන් හා නදුන් කවීෂ බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ කාර්‍යමණ්ඩල සාමාජිකාව වූ භද්‍රා ගුණවර්ධන මහත්මිය අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියහ.  එහිදී තරුෂි කරුණාරත්නට ගුවන් යානය මගහැරී ඇති නමුත් ඇය ගුවන් හුවමාරුවේදී කණ්ඩායම සමගින් එක්වනු ඇත.


හෙට දිනයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරදෙනෙකු හා කාර්‍යමණ්ඩල සාමාජිකයෙකු තරගාවලිය වෙනුවෙන් පිටත්වීමට නියමිතය. ඒ අනුව රුමේෂ් තරංග, අමේෂා හෙට්ටිආරච්චි, පසිදු මල්ෂාන්, ධනුක දර්ශන හා කාර්‍යමණ්ඩල සාමාජික සුසන්ත ප්‍රනාන්දු මහතා හෙට දිනයේදී කොලොම්බියාව බලා පිටත්ව යාමට නියමිතය.


තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ඉසව්

තරුෂි කරුණාරත්න - මීටර් 400 හා මීටර් 800

හිරුෂ හශේන් - දුර පැනීම

රුමේෂ් තරංග - හෙල්ල විසිකිරීම

නදුන් කවීෂ බණ්ඩාර - මීටර් 110 කඩුලු

අමාෂා හෙට්ටිආරච්චි - මීටර් 400 කඩුලු

පසිදු මල්ෂාන් - තුන් පිම්ම

ධනුක දර්ශන - මීටර් 400 කඩුලු

0 views0 comments